වැසි තත්වයේ වෙනසක් – අද (11) කාලගුණය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (නොවැම්බර් 11) දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැක.

බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැවත ගොඩනැඟුණු ක්‍රිකට් ශ්‍රී ලංකාව නැවත ගොඩ නැඟීමේ අරමුදලට මිලියන 300 ක් පරිත්‍යාග කරයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...

විරෙන් සහ දුමිදු ජාත්‍යන්තර පිටියේදී දස්කම් දක්වයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යහුයේ...

ආපදාවට පත් පුද්ගලයින්ට සහ ව්‍යාපාර වෙත මහ බැංකුවෙනුත් සහනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට ලක්වූ පුද්ගලයින්ට සහ...

ලෝක කුසලාන මිශ්‍ර කැරම් තරගාවලියේ පිරිමි අනු සූරතාවය සහ කාන්තා තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: මාල දිවයිනේදි ඊයේ නිමාවට...