සජිත්ගේ ඉන්දීය සංචාරය ගැන අපි කවුරුවත් දන්නේ නෑ. අපි දැක්කෙත් පත්තරෙන් – හර්ෂ

Date:

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉන්දීය සංචාරය පිළිබඳ තමන් හෝ පක්ෂයේ මන්ත්‍රීවරුන් කිසිවකු දැන සිටියේ නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

එය ඉන්දීය රජයේ ආරාධනයක් අනුව සිදුවූ නිල සංචාරයක් යැයි තමන් දැනගත්තේ ද පුවත්පත්වලින් බවයි හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ.

එම සංචාරය සඳහා පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් සම්බන්ධ කර නොගත්තේ ඇයිද යන ප්‍රශ්නයට පිළිතුරු දීමට තමන්ට හැකියාවක් නොමැති බව පැවසූ ඒ මහතා කෙසේවෙතත් මෙය පක්ෂ අභ්‍යන්තරයේ බරපතළ අර්බුදයක් යැයි පැවසීමට නොහැකි බවත් ප්‍රකාශ කළේය.

හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ හිරු රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සජීවී දේශපාලන සංවාදයකදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංගලාදේශයේදී කළ රාජකීය හැරවුම

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: බංගලාදේශයේ සංචාරයක යෙදෙන ශ්‍රී...

හදිසි ආපදාවෙන් විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 39කට බලපෑම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ඉකුත් දා...

විදේශ සංචිත පහළට !

නොවැම්බර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත...

ප්‍රදේශ රැසකට වැසි – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...