නෙදර්ලන්තේ අගමැති මාක් රටට් ෆූටාර් පාගල් හේ වැඩට එන හැටි ඒ කාලේ ගොඩක් කට්ටිය ෂෙයා කළාට දැන් කවුරුත් එහෙම කරන්නේ නැහැ. විපක්ෂේ කට්ටිය ෂෙයා කරනවා අර ඉස්සර ෂෙයා කරපු කට්ටියට පේන්න.
නෙදර්ලන්තේ ෆූටාර් කේස් එක ඒ වෙලාවේ ගෙනාවේ සරල බව, වියදම් අඩු බව, සෞඛ්‍යයට හිතකර බව, පරිසර දූෂණය අවම කිරීම වගේ තේමා ගොඩක් එක්ක. ඒ වෙලාවේ ආණ්ඩුකරණයේ (දැන් විපක්ෂයේ) හිටපු අය නඩත්තු කරපු බොරු සෝබන වල නිස්සාර බව පෙන්නුම්කරන්න.
වෙනත් මාදිලියේ දේශපාලනයක් මේ පොළොවේ කරන්න පුළුවන් කියල ඔප්පුකරන්න. සිස්ටම් චේන්ජ් කරන්න.
සිස්ටම් චේන්ජ් වෙලා අලුත් සිස්ටම් එකකට යන්න අපිට තියන ෆැන්ටසි එක නිසාම අනුර ජනාධිපතිතුමා බයික් එකේ වැඩට එන AI ෆොටෝ එකක් පවා හදල තියනවා. ඒ අර අපේ ඉස්සර තිබ්බ ෆැන්ටසි එකට හරියන්න.
එහෙම අතිසරල ෆැන්ටසි එකක් හදන එක සහ එහෙම ෆැන්ටසි එකක් හදල අපිට විකුණලා බලය ගන්න එක තමයි ‘විපක්ෂ දේශපාලනය’ කියල එයාල හිතල තියෙන්නේ.
‘රාජ්‍යකරණය’ කියල දැන් එයාල හඳුන්වන එක කරන කොට ඒ පූටාර් බබා හුකුං නැහැ. ඒ අලුත් රාජ්‍යය ගොඩනගන්න ඩබල් කැබ් ඕනි කියල කියනවා. අයවැයටත් දාල තියනවා. අයවැයෙන් හොඳ ෆූටාර් 225ක් ගේන්න යෝජනාකළේ නැහැ.
ෆූටාර් ෆැන්ටසි ඉවරයි. දැන් තියෙන්නේ ඇත්තම ඇත්ත.
වෙන විදියකින් කිව්වොත් අපිට දුන්න ෆැන්ටසි එකම එයාල පාවාදීල තියනවා (fantasy betrayed). එතකොට පාවාදුන්න ෆැන්ටසි එකක මිල කීයද? අන්න ඒක කවදා හරි මිනිස්සු තේරුම්ගනීවි. එයාලටත් තේරුම්කරලා දෙයි.
~ මහේෂ් හපුගොඩ
