නඩු පාර්ශවකරුවන්ට උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණීමට ඉඩ ලබා දෙන්න – සන්ධ්‍යා එක්නැලිගොඩගෙන් අගවිනිසුරුට ලිපියක්!

Date:

අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය වෙත ලිපියක් යොමුකර තිබේ.

මෙම ලිපිය හරහා ඈ පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගතය ආරම්භ වූ 2020 වර්ෂයේ සිට තවමත් අධිකරණ පරිශ්‍රයට පැමිණීමට තමාට අවසර ලබා නොදෙන බවයි.

ඒ අනුව, කොවිඩ් වසංගත තත්ත්වය ඇතිවීමට පෙර තිබූ තත්ත්වයටම නඩුවල පාර්ශවකරුවන්ට හා සිවිල් පුරවැසියන්ට උපරිමාධිකරණ සංකීර්ණයේ නඩු විභාග වන ආකාරය දැක ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙසයි ඒ මහත්මිය අගවිනිසුරුවරයා ගෙන් ඉල්ලා තිබෙන්නේ.

සිවිල් පුරවැසියන්ට අහිමි වී ඇති ව්‍යවස්ථාපිත අයිතිවාසිකම සම්බන්ධයෙන් කරන බලවත් ඉල්ලීමක් ලෙස ඒ මහත්මිය විසින් මෙම ලිපිය අගවිනිසුරුවරයා වෙත යොමුකර තිබේ.

සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියගේ සැමියා වන ප්‍රගීත් එක්නැලිගොඩ මහින්ද රාජපක්ෂ රජය පැවති සමයේ (2010 ජනවාරි 24) පැහැරගෙන ගොස් අතුරුදන් කර තිබිණි.

මීට අදාළව අපරාධ චෝදනා ගොනුකර ඇති අංක HC (TAB) 725/2019 යන නඩුව මේ වන විට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වෙමින් පවතින අතර, මීට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණයේද ගොනුකළ නඩු ගණනාවක් පවතී.

මෙම නඩුවල නඩු දිනයන් පවතින දිනවල අධිකරණ පරිශ්‍රයට පැමිණීමට කොවිඩ් වසංගතයට පෙර අවසර ලබා දී තිබුණ මුත්, 2020 වර්ෂයෙන් පසු මේ වනතුරුත් එම අවස්ථාව ලබා දී නොමැති බවයි ඒ මහත්මිය පෙන්වා දෙන්නේ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...