ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොවැම්බර් 29 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටව යාමට නියමිත බව වාර්තා වේ.
ඒ, එක්සත් ජාතීන්ගේ 28 වැනි දේශගුණික විපර්යාස සමුළුව හෙවත් COP 28 සමුළුවට සහභාගී වීම සඳහා ය.
මෙම සිව් දින නිල සංචාරයට ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු අමාත්‍යවරයා, උපදේශකවරුන් ඇතුළු 50ක පමණ දූත පිරිසක් සහභාගී වීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
RN
