*
Wednesday, February 19, 2025
spot_img

Latest Posts

කාරක සභා නිර්දේශය නිසා රු.මිලියන 198ක හිඟ සුරාබදු රජයට ලැබිලා!

කොළඹ LNW:හිඟ සුරා බදු නොගෙවන සමාගම්වල මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අහෝසි කිරීමේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභා නිර්දේශය හේතුවෙන් මේ මස හිඟ සුරාබදු ලෙස මිලියන 198ක මුදලක් රජයට ලැබී තිබේ.

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ බව අනාවරණය කළේය.

හිඟ සුරාබදු නොගෙවන අයගේ බලපත්‍ර අහෝසි කිරීමේ නිර්දේශය නිසා සමාගම් ගණනාවක් හිඟ බදු ගෙවීමේ එකඟතාවයකට පැමිණ 2023 වසරේ හිඟ සුරාබදු ගෙවීම ආරම්භ කර තිබේ.

ඒ අනුව ඩබ්ලිව් එම් මෙන්ඩිස් සහ සමාගම, ෆින්ලන්ඩ් නිෂ්පාදනාගාරය, සිනජි නිෂ්පාදනාගාරය හා රන්දෙණිගල නිෂ්පාදනාගාරය යන ආයතන 2023 වසරට අදාළ හිඟ බදු මුදල වන රුපියල් බිලියන 1.1 ක මුදල සහ ප්‍රමාද ගාස්තු 2023.12.31 වන දින වන විට වාරික 9 කින් ගෙවා නිම කිරීමට එකඟ වී ඇත.

2023.11.06 දින මෙම සමාගම් 4 විසින් රුපියල් මිලියන 198 ක මුදලක් ගෙවා ඇති බවත් 2023.12.31 දිනට එම සමාගම් 4 හි ඉතිරි හිඟ බදු මුදල වන රුපියල් බිලියන 1.056 ක මුදල ගෙවා නිම කිරීමට එකඟ වී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කරයි.

එමෙන්ම 2023 වසරට පෙර සිට පැවත එන හිඟ බදු අය කර ගැනීමට, හිඟ බදු ගෙවීම් සැලසුමක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සකස් කරන බවද කාරක සභාවේදී අනාවරණය විය.

හිඟ බදු ගෙවීමේ ප්‍රගතිය සතියෙන් සතිය කාරක සභාව වෙත වාර්තා කරන ලෙසද, ගෙවීමට ඇති හිඟ බදු මුදල පිළිබඳ යාවත්කාලීන වාර්තාවක් මාසිකව කාරක සභාව වෙත ලබා දෙන ලෙසද, මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් පවරා ඇති නඩු කටයුතුවල ප්‍රගතිය පිළිබඳ කාරක සභාව වෙත වාර්තා කරන ලෙසද කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම් නිෂ්පාදන කටයුතු අතරමග නැවැත්වීම හේතුවෙන් හිඟ බදු අය කර ගැනීමට නොහැකි වී ඇති අතර එම බදු ගෙවීම පැහැර හැරීම වළක්වා ගැනීම සඳහා මත්පැන් නිෂ්පාදන සමාගම්වල මාස 6ක නිෂ්පාදන ධාරිතාවයට සමාන මුදලක් නිෂ්පාදන බලපත්‍ර නිකුත් කිරීමේදී හෝ බලපත්‍ර අලුත් කිරීමේදී තැන්පතුවක් ලෙස ලබා ගැනීමට හැකි වන ලෙස නීතිමය සංශෝධන ගෙන එන ලෙස කාරක සභාව මුදල් අමාත්‍යාංශය වෙත නිර්දේශ කළේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan