ආචාර්ය ලයනල් බෝපගේ (මෙල්බර්න්, ඕස්ට්‍රේලියාව)
බූම්, බූම්, බූම්!
අපේ හිස් මතින් පුපුරන
තුවක්කු, බෝම්බ, යුද ටැංකිවල
මරණයේ ඝෝර නාදය අහන්න
ජවයක් නැත මොර දෙන්න, සුරැකෙන්න
බංකර් වල වසැංගිව සිටියදී
සිරුරුද, හදවත්ද පුපුරා යයි!
මස් ලේ වැගිරවීම සෙල්ලමක්
වරප්‍රසාද ලද පෘථග්ජන දෙවියන්ගේ
සැවොම මැරුවත් වරදකරුවන් නොවෙති ඔවුහු
මුදල හා බලය යන දෙඅතින්ම
ඔවුන් තව තවත් ඉසුරුමත් බලවතුන් කරවමින්
අවසරයි, තවත් බෝම්බ හා තුවක්කු හදන්නට
හැමතැනම හැම විටෙකම මුසාවාද
නොකියූ, නිමවූ හෝ නිහඬ කල සත්‍යය
සිය දහස් ගණන් වන අප සැමට
දැකිය නොහැකිය සත්‍යයේ ආලෝකය
මිණිසත්බව හඬයි, බිහිරි කන් ලක්ෂ ගණනාවකට
වඩා අඳුරු රාත්‍රීන් බවට පත්වන
දහවල අඳුරුයි බංකර තුල
කලහයේ හා යුද්ධයේ රකුසන් හා සටන් වැද
මනස පත් වෙයි සටන් පෙරමුණු බවට
ත්‍රාසයට රජයන්නට … ඉඩ දී හැර යන්නට
එකලාව මියෙන්නට උරුමව … සැවොම ඉපදුන බැවින්.
ගත වන හැම දහවල රැයකම
අපට ඔබමොබ ගොස් සටන් වදින්නට
බිඳින්න මුනිවත, දල්වා ලන්න ආලෝකය!
හොඳට හෝ නරකට, උදුරා දමන්න සංග්‍රාම
සත්‍යය හා යුක්තියේ අවි දරා ගෙන
පතුරුවා හැර… සැරි සරන්නට … අභිමනින් යුතුව
හැර දා යන්නට සියල්ල, සිදු වුවද අපට
එපා ඉඩ දෙන්න අපේ උදාරබව ගිල්වා දමන්න!
ජීවිතය, ආදරය, නිදහස හා සතුට පිරි
අප සියළු පමුදිත ලයාත්මයන් සමඟින
අපේම මතු දවස හා අපේක්ෂා නිමවමින්
මිණිසත්බව … යලි වරක් නැඟිටිය යුතුය!
