*
Friday, November 22, 2024
spot_img

Latest Posts

“සෙක්සි අයිස්” වලින් ලොවක් වසඟකළ ව්හිග්ෆීල්ඩ් ගේ අරුම පුදුම පියයුරු පිළිකා හටන

සටහන – පුන්සරා ලියනගේ
නොවැම්බර් 12,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ
: ඩෙන්මාර්ක ගායිකාවක්, හිටපු නිරූපිකාවක් මෙන්ම ගීත රචනා කළ ඇය නමින් Sannie Charlotte Carlson හෙවත් Whigfield ය. අද සටහන දිගහැරෙන්නේ ඇය ගැනයි. 1970 අප්‍රේල් මස 11 දින උපත ලද Whigfield වඩාත් ප්‍රසිද්ධියට පත්වන්නේ 1993 වසරේ “Saturday Night ” ගීතය සඳහා වන අතර එය ජාත්‍යන්තර ජනප්‍රියත්වයට ද පත් වූ නිර්මාණයකි.

එවකට ඉතාලිය පදනම් කරගෙන, Carlson ඉතාලි නිෂ්පාදක Larry Pignagnoli සමඟ සහයෝගයෙන් කටයුතු කළ අතර, “Saturday Night “නිර්මාණය ඉතාලියේ ගීත නාමාවලියන්හි පළමු පහ අතරට පැමිණ තිබේ.

“Another Day” ගීතයද ඉතාලියේ ගීත නාමාවලියන්හි තෙවන ස්ථානයට පත් විය. මීට අමතරව, “Sexy Eyes” ගීතය “Another Day” සහ “Think of You” සමඟ ජනප්‍රිය ගීතයන් තුළට ප්‍රස්ථාරගත විය. එම නිර්මාණ එක්සත් රාජධානිය, ස්විට්සර්ලන්තය, නෝර්වේ සහ ඇගේ උපන් බිම වන ඩෙන්මාර්කයේ ජනප්‍රියතම ගීත නාමාවලියන් අතර පළමු දස දෙනා අතරට ඇතුළු විය.

මෙකී නිර්මාණයන් රාශියකින් ඔබ හමුවට ආ ඇය පිළිබඳ බොහෝ දෙනෙක් නොදත් කතාවක් අද, ගෙනහැර දැක්වීමටයි මේ සූදානම;

ඉකුත් දිනයක ඇය ඇගේ දකුණු පියයුරුවෙහි ඡායාරූපයක් අන්තර්ජාලය හරහා ඇගේ අනුගාමිකයන්ට පළ කළ අතර ඇය පියයුරු පිළිකා රෝගයෙන් පෙළීමෙන් පසුවිය. පසුව ඇයට රෝහලෙන් පිටව යාමට ලැබීම වාසනාවක් බව ඇය තවදුරටත් පැවසුවාය. 

පියයුරු පිළිකා සමඟ සටන් කිරීම අමුතු දෙයක් වූ බව පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඇය තැබූ සිය සටහනේ සඳහන් කර තිබිණි.

“එක් මොහොතක මම ලන්ඩනයේ නව සංගීතය හඳාරමින් මගේ හොඳම ජීවිතය ගත කළෙමි, ඊළඟ මොහොතේ මම හිරිවැටුණු බුබුලක සිරවී සිටියෙමි.”

ඇය ඇයගේ අත්දැකීම හරි අපූරුවට මෙසේ සඳහන් කළාය.

Whigfield වසර දහයකට පෙර පියයුරු පිළිකා ප්‍රතිකාරයේ කොටසක් ලෙස ලබාගත් විකිරණ ප්‍රතිකාරයේ කම්පන සහගත ප්‍රතිඵල හෙළි කරමින් පියයුරු පිළිකාව ගැන ලොවට පසක් කර දුනි. 

Dailymail.co.uk

Whigfield විසින් විකිරණ ප්‍රතිකාර දැඩි වුවද, දරුවන් ඇතුළු තවත් බොහෝ රෝගීන් මෙම භයානක රෝගයට එරෙහිව සටන් කරන ආකාරය දැකීමෙන් එය ඇයට ශක්තියක් කරගත් කතකි.

ඇය පියයුරු පිළිකාව පිළිබඳ දැනුවත් කිරීම පිළිබඳව පවා රසිකයන් ඇයට ස්තූති කළ අතර ඇය නිර්භීත කාන්තාවක් බවද ඇයට ප්‍රකාශ කර තිබුණි.

ඇයට අනුව, ඔබත් ඔබේ පියයුරු පරීක්ෂා කිරීම ඔබේ මාසික දින චර්යාවේ කොටසක් විය යුතු බව පසක් කර දෙන අතර එහිදී ඔබ සතුව සිදුවන වෙනස්වීම් දැන හැඳින ගෙන කල් වේලා ඇතුව ඕනෑම රෝගයක පෙරනිමිති බලාගත හැකි වනු ඇත. කිසියම් අසාමාන්‍යතා ඇත්නම් හඳුනා ගැනීම සඳහා ඔබේ පියයුරු පටක වටා අර්ධ කවයන් සහ රවුම් චලිතයකින් සරලව ඇතිල්ලීමක් කිරීම ද යෝග්‍ය බව සඳහන් වේ.

පියයුරු පිළිකාව ලෝකයේ බහුලවම වැළඳෙන පිළිකාවක් වන අතර වසරකට කාන්තාවන් මිලියන දෙකකට වඩා පියයුරු පිළිකාවෙන් පෙලෙන බවට සොයාගෙන තිබේ.

පියයුරු පිළිකාව ලෝකයේ බහුලව දක්නට ලැබෙන පිළිකාවක් වන අතර එය එක්සත් රාජධානිය වැනි රටවල සෑම වසරකම නව රෝගීන් 55,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා කරන අතර,ඉන් කාන්තාවන් 11,500 ක් පමණ මිය යයි. එක්සත් ජනපදයේ, සෑම වසරකම රෝගීන් 266,000 පමණ වාර්තා කරමින් ඉන් 40,000 ක් පමණ ජීවිතයෙන් වන්දි ගෙවනු ඇත.  එයට හේතුව කුමක්ද සහ එයට ප්‍රතිකාර කළ හැක්කේ කෙසේද යන්න නිවැරදිව දැන සිටිය යුතුය.

පියයුරු පිළිකා යනු කුමක්ද?

එය මූලිකව පැමිණෙන්නේ එක් පියයුරු වල නාලිකාවක ඇති වන පිළිකා සෛලයකිනි.

පියයුරු පිළිකාව අවට පටක තුලට පැතිරී ගිය විට එය භයානක අවධියක පසු වේ. සමහර පුද්ගලයින්ට පියයුරු නාලිකාවෙන් හෝ lobule වලින් ඔබ්බට පිළිකා සෛල වර්ධනය වී නොමැත.

බොහෝවිට පියයුරු පිළිකාවක් වයස අවුරුදු 50 ට වැඩි අය තුළ වර්ධනය වන නමුත් තරුණ කාන්තාවන් තුළ ද මෙම තත්ත්වය ඇතිවිය හැකිය.  පියයුරු පිළිකා පිරිමින් තුළ වර්ධනය විය හැකි නමුත් මෙය දුර්ලභ ය.

පියයුරු පිළිකා පිළිබඳ මූලික පරීක්ෂණයක් මගින් පෙන්නුම් කරන්නේ පිළිකාව කොතරම් විශාලද යන්න සහ එය පැතිරී ඇත්ද යන්නයි. අදියර 1 යනු මුල් අවධිය වන අතර 4 වන අදියර යනු පිළිකාව ශරීරයේ වෙනත් කොටසකට පැතිරී ඇති බවයි.

HealthyWomen

පිළිකා සෛල මන්දගාමීව වර්ධනය වෙමින් වේගයෙන් ඉහළ මට්ටමකට පැමිණේ. ඉහළ ශ්‍රේණියේ පිළිකා ප්‍රථම වරට ප්‍රතිකාර කිරීමෙන් පසු නැවත පැමිණීමට ඉඩ ඇත.

පියයුරු පිළිකා ඇතිවීමට හේතුව කුමක්ද?

පිළිකාමය ගැටිත්තක් ආරම්භ වන්නේ එක් අසාමාන්‍ය සෛලයකිනි. සෛලයක් පිළිකාවක් බවට පත් වීමට නිශ්චිත හේතුව අපැහැදිලි ය. මෙය සෛලය අසාමාන්‍ය බවට පත් කර ‘පාලනයෙන් බැහැර’ කරයි.

පැහැදිලි හේතුවක් නොමැතිව පියයුරු පිළිකා වර්ධනය විය හැකි වුවද, ජානමය වැනි අවදානම වැඩි කළ හැකි සමහර අවදානම් සාධක ද තිබිය හැක.

Dr.Tan Chuan Chien

පියයුරු පිළිකා රෝග ලක්ෂණ මොනවාද?

සාමාන්‍යයෙන් පළමු රෝග ලක්ෂණය වන්නේ පියයුරු වල වේදනා රහිත ගැටිත්තකි. නමුත් බොහෝ ඒවා පිළිකා නොවන අතර දියර පිරුණු ගෙඩි ද වේ.

පියයුරු පිළිකාව සාමාන්‍යයෙන් පැතිරෙන පළමු ස්ථානය කිහිල්ලේ වසා ගැටිති වේ. මෙය සිදු වුවහොත්, ඔබේ කිහිල්ලේ ඉදිමීමක් හෝ ගැටිත්තක් වර්ධනය වනු ඇත.

පියයුරු පිළිකා හඳුනා ගන්නේ කෙසේද?

මූලික තක්සේරුව – වෛද්‍යවරයකු පියයුරු සහ කිහිලි පරීක්ෂා කරන අතර ඔවුන් මැමෝග්‍රැෆි, පියයුරු පටකවල විශේෂ X-කිරණ මඟින් වුවද පරීක්ෂණ සිදු කළ හැකි අතර එමඟින් පිළිකා ඇතිවීමේ හැකියාව හඳුනාගත හැකිය.

Biopsy – බයොප්සි යනු ශරීරයේ කොටසකින් කුඩා පටක සාම්පලයක් ඉවත් කිරීමයි. එම නියැදිය පසුව විශේෂිත අන්වීක්ෂයක් යටතේ පරීක්ෂා කරනු ලැබේ. එම නියැදිය මඟින් පිළිකාව තහවුරු කිරීමට හෝ බැහැර කිරීමට හැකිය.

ඔබට පියයුරු පිළිකාවක් ඇති බව තහවුරු වුවහොත්, එය පැතිරී ඇත්ද යන්න තක්සේරු කිරීමට වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය විය හැකිය. 

උදාහරණයක් ලෙස; 

  • රුධිර පරීක්ෂණ
  • අක්මාවේ අල්ට්රා සවුන්ඩ් ස්කෑන් 
  • පපුවෙහි X-ray

පියයුරු පිළිකාවට එරෙහිව ප්‍රතිකාර;

ශල්‍යකර්ම, රසායනික චිකිත්සා, විකිරණ ප්‍රතිකාර සහ හෝමෝන ප්‍රතිකාර වැනි ප්‍රතිකාර විකල්ප සලකා බැලිය හැකිය. 

  • ශල්‍යකර්ම: පියයුරු සංරක්ෂණ ශල්‍යකර්මය හෝ ගෙඩියේ ප්‍රමාණය අනුව බලපෑමට ලක් වූ පියයුරු ඉවත් කිරීම.
  • විකිරණ චිකිත්සාව: පිළිකා පටක කෙරෙහි අවධානය යොමු කරන ලද විකිරණවල ඉහළ ශක්ති කිරණ භාවිතා කරමින් පිළිකා සෛල විනාශ කරයි.
  • රසායනික චිකිත්සාව: පිළිකා සෛල විනාශ කරන හෝ ඒවා වර්ධනය වීම නවත්වන පිළිකා නාශක ඖෂධ භාවිතා කිරීමෙන් පිළිකා නසන ප්‍රතිකාරයකි.
  • හෝර්මෝන ප්‍රතිකාර: ඇතැම් පියයුරු පිළිකා වර්ග ඊස්ට්‍රජන් මගින් බලපෑමට ලක් වන අතර මෙම හෝමෝන මට්ටම අඩු කරන හෝ ඒවා ක්‍රියා කිරීමෙන් වලක්වන ප්‍රතිකාරයකි.

ප්‍රතිකාරමය වශයෙන් කෙතරම් සාර්ථකද?

ඉදිරි දැක්ම වඩාත් සතුටුදායක වන්නේ පිළිකාව තවමත් කුඩා අවධියක පසුවන විට සහ පැතිරී නොමැති විට හඳුනාගත් විටය. මුල් අවධියේදී ගෙඩියක් ශල්‍යකර්මයෙන් ඉවත් කිරීමෙන් පසුව සුව වීම ද සහතික විය හැකිය.

xr:d:DAE_Rx7r7fQ:138,j:38265191235,t:22101720

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan