ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයනවක විනිසුරු පාඨමාලාව සාර්ථකව පවත්වයි

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 12, කොළඹ LNW:

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් මෙහෙයවනු ලැබූ නවක බැඩ්මින්ටන් විනිසුරුවරුන් සඳහා වන සුදුසුකම් සපුරාලීමේ පාඨමාලාව පසුගියදා කොළඹ විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදි සාර්ථකව නිමාවට පත්විය. ශ්‍රී ලංකාවේ පළාත් 9ම ආවරණය වන පරිදි පැවැති මේ පාඨමාලාව සඳහා නවක අයැදුම්කරුවන් 66කට වැඩි පිරිසක් සහභාගි වූ අතර, පළපුරුදු විනිසුරුවරුන් 70 දෙනකු ද තාක්ෂණික නිලධාරින් ලෙස අත්දැකීම් ලබාගැනීමේ අරමුණින් එම පාඨමාලාවකට එක්වී සිටියහ. ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සහ ආසියානු බැඩ්මින්ටන් සම්මේලනයේ සහතිකලත් නිලධාරින් විසින් එම පාඨමාලා මෙහෙයවූ අතර, ඊට ප්‍රයෝගික සහ ලිඛිත පරීක්ෂණ ඇතුළත් විය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාතික බැඩ්මින්ටන් ශුරතාවලි ඉලක්ක කරමින් පැවැති විනිසුරුවරුන් පුහුණු කිරීමේ පාඨමාලාව ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂා ත්‍රිත්වයෙන්ම පැවැති අතර, එය ජාතික මට්ටමේ තාක්ෂණ නිලධාරින් බිහි කිරීම සඳහා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් ගනු ලැබූ සාර්ථක පියවරකි. මේ සඳහා බැංකු ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයෙහිම රැකියාවේ නිරතව සිටින අයැදුම්කරුවන් එක්වී සිටි අතර, එය බැඩ්මින්ටන් ක්‍රීඩාව තුළ වර්ධනය වන වෘත්තීයභාවය පෙන්නුම් කළ අවස්ථාවක් ද විය. පාඨමාලාවට සහභාගි වූවන්ගෙන් වැඩි පිරිසක් ජාතික තාක්ෂණික නිලධාරින්ගේ සංචිතය තවදුරටත් ශක්තිමත් කරමින් ලබන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත 73 වැනි ජාතික බැඩ්මින්ටන් ශුරතාවලියේදි විනිසුරුවරුන් සහ තරග තීරකවරුන් ලෙස සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉදිරියේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාතික හා ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලි සඳහා විදේශීය තාක්ෂණික නිලධාරීන්ට ආරාධනා කිරීම සහ ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් තාක්ෂණික නිලධාරීන්ට විදෙස් තරගාවලි අත්දැකීම් ලබා දීම වැනි වැදගත් කරුණු සම්බන්ධව මෙරට ප්‍රවීණ තාක්ෂණික නිලධාරින් සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා අතර මෙහිදී සාකච්ඡාවක් ද පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපතිවරයා තාක්ෂණික නිලධාරින් සඳහා අඛණ්ඩව අධ්‍යාපනික සහ වෘත්තීය සංවර්ධන පාඨමාලා පැවැත්වීමේ වැදගත්කම අවධාරණය කළ අතර, දකුණු ආසියාතික කලාපයේ හොඳම තාක්ෂණික නිලධාරින් සිටින රට ලෙස ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ පසුවන බව ද ඒ මහතා සඳහන් කළේය. ජාත්‍යන්තර මට්ටමෙන් ද ශ්‍රී ලංකාවේ තාක්ෂණික නිලධාරින් දෙවැනි ස්ථානයේ පසුවන බවත්, එය ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක් බවත් රොෂාන් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය. එමෙන්ම මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා විනිසුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන සාර්ථකව සංවිධාන කිරීම සම්බන්ධව ඒ මහතා බැඩ්මින්ටන් තාක්ෂණික කමිටුවට සිය ස්තුතිය පළ කර සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ආලෝකයෙන් ලැබූ පළමු ජය පකිස්තානයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: විස්සයි විස්ස ලෝක කුසලාන...

දවසක ජනතාව හොඳ කෙනෙක් තෝරගනී.. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : තමන් සිංහල බෞද්ධාගම...

BREAKING NEWS : අමරකීර්ති අතුකෝරළ ඝාතනය – විත්තිකරුවන් 12 කට මරණීය දණ්ඩනය !

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ...

බැඩ්මින්ටන් ජාතික පුහුණුකරුගේ බරට රොහාන් උර දෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ වන විට බැඩ්මින්ටන්...