පරිසර අමාත්‍යංශයේ “වනස්පති” වැඩසටහන ඉදිරියට!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW :

පරිසර අමාත්‍යංශයේ “වනස්පති” වැඩසටහන තුලින් හදුන්වාදුන් “වනසුරැකුම,මධ්‍යස්ථානයේ 1995 කෙටි දුරකතන අංකයට දින 10 ඇතුළත ඇමැතුම් 500කට  වැඩි ප්‍රමාණයක් ලැබි ඇත. ඒ අතරින්  පරිසරයට අදාල පැමිණි 61 ක් සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමුව ඇති බව රජයේ ප්‍රවෘති සේවය පවසයි.

වන හානි,වන ජිවීන්ට සිදු කරනු ලැබු විවිධ නීතිවිරෝධ ක්‍රියාවන්,කඩොලාන තෙත්බිම් ගොඩකිරීම් සහ වන රක්ෂීත ප්‍රදේශයන් හෙලිපෙහෙලි කිරීම් ඇතුළු සිද්ධීන් රැසකට අදාලව මහජන පැමිණිලි යොමු කර තිබු අතර  2025.11.03 දින සිට 2025.11.12 දින දහවල් 12.00 දක්වා  මහජන පැමිණිලි ඇමැතුම්  61ක් ඊට ලැබි ඇති බව සඳහන් වේ.

මේ දක්වා ලැබි ඇති මුළු පැමිණිලි සංඛ්‍යාවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ වන හානි සම්බන්ධයෙන් පැමිණිළි 53 ක් වාර්තා වි ඇති අතර ඉන් පැමිණි 13කට අදාලව පරික්ෂණ සිදුකර අධිකරණයට යොමුකර නීතිමය ක්‍රියා මාර්ගයන් ගෙන ඇත. ඉතිරි පැමිණිලි 40 සදහා පරික්ෂණ අඩවි වනසංරක්ෂණ  කාර්යාල මට්ටමින් සිදුකර කඩිනමින් අධිකරණ ක්‍රියා මාර්ගයන් ගැනීමට නියමිතය. වනජිවි දෙපාර්තමේන්තුවට අදාල පැමිණිලි 08ක් සම්බන්ධයෙන්ද විමර්ශන අවසන් වු වහාම නීතිමය ක්‍රියාමාර්ගයන් ගැනීම සදහාද යොමුකර ඇති බව වාර්තා වේ.

මෙහිදි පරිසරයට සිදුකරනු ලබන හානිකර තත්වයන් සම්බන්ධයෙන් මහජන පැමිණිලි කඩිනමින් විභාග කර නීතිමය ක්‍රියා මාර්ග ගැනීම මෙම මෙහෙයුම් ඒකකය ස්ථාපිත කිරිමේ මුලික අරමුණ වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇල්බේනියාවේ ආණ්ඩු විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙයි:13 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇල්බේනියාවේ අගනුවර වන...

එස්එස්සී ආලෝකයෙන් ලැබූ පළමු ජය පකිස්තානයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: විස්සයි විස්ස ලෝක කුසලාන...

දවසක ජනතාව හොඳ කෙනෙක් තෝරගනී.. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : තමන් සිංහල බෞද්ධාගම...

BREAKING NEWS : අමරකීර්ති අතුකෝරළ ඝාතනය – විත්තිකරුවන් 12 කට මරණීය දණ්ඩනය !

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ...