එප්පාවල කුඩු ජාවාරම : හිටපු මාලිමා මන්ත්‍රීනියගේ සැමියා රිමාන්ඩ්

Date:

අනුරාධපුර, එප්පාවල, ඇදගල ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 185ක් සමග අත් අඩංගුවට ගත් විදුහල්පතිවරයා නොවැම්බර් මස 26වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මොහු පෑලියගොඩ නගරසභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියකගේ ස්වාමි පුරුෂයා වන අතර ඔහුව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත් අඩංගුවට ගෙන තිබුණේ නොවැම්බර් 05 වනදා ය.

තම සැමියා මෙසේ අත් අඩංගුවට පත්වීමෙන් දින දෙකකට පසු අදාළ මන්ත්‍රීවරිය සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබිණි.

ඔවුන්ගේ පුත්‍රයා ද මීට මාසයකට පමණ පෙර හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සමග අත් අඩංගුවට පත්ව තිබූ බවත් පසුව අනාවරණය විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය වෙනස්විය යුතු බවට සාකච්ජා ඇරඹේ ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රිතාන්‍ය අග්‍රාමත්‍ය...

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අනතුරේද?

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW : 2026 අයවැය මඟින්...

පරිසර අමාත්‍යංශයේ “වනස්පති” වැඩසටහන ඉදිරියට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW : පරිසර අමාත්‍යංශයේ “වනස්පති”...

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයනවක විනිසුරු පාඨමාලාව සාර්ථකව පවත්වයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 12, කොළඹ LNW: ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය...