එප්පාවල කුඩු ජාවාරම : හිටපු මාලිමා මන්ත්‍රීනියගේ සැමියා රිමාන්ඩ්

Date:

අනුරාධපුර, එප්පාවල, ඇදගල ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 185ක් සමග අත් අඩංගුවට ගත් විදුහල්පතිවරයා නොවැම්බර් මස 26වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මොහු පෑලියගොඩ නගරසභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියකගේ ස්වාමි පුරුෂයා වන අතර ඔහුව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත් අඩංගුවට ගෙන තිබුණේ නොවැම්බර් 05 වනදා ය.

තම සැමියා මෙසේ අත් අඩංගුවට පත්වීමෙන් දින දෙකකට පසු අදාළ මන්ත්‍රීවරිය සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබිණි.

ඔවුන්ගේ පුත්‍රයා ද මීට මාසයකට පමණ පෙර හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සමග අත් අඩංගුවට පත්ව තිබූ බවත් පසුව අනාවරණය විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුඩා හා මධ්‍ය පරිමාණ (SME) ව්‍යවසායක ජාලය දැඩි අර්බුදයක!

කොළඹ LNW:දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට පනස් දෙකකට (52%) දායක...

සමන් ඒකනායක යළි රිමාන්ඩ්!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි මස 18...

දිනපතා ඇගට දැනෙන රස්නය ගැන මෙහෙමත් රස්නෙ දැනෙන කතාවක්!

ආශිකා බ්‍රාහ්මණ මෙතනින් අහන්න මෙතනින් බලන්න https://www.youtube.com/watch?v=b7sgj_K0xak කොළඹ LNW:මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය...

ඩිමෙන්ශියා රෝගී අවදානම 25% කින් පමණ අඩු කළ හැකි නව මඟක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී කරන ලද...