එප්පාවල කුඩු ජාවාරම : හිටපු මාලිමා මන්ත්‍රීනියගේ සැමියා රිමාන්ඩ්

අනුරාධපුර, එප්පාවල, ඇදගල ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 185ක් සමග අත් අඩංගුවට ගත් විදුහල්පතිවරයා නොවැම්බර් මස 26වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මොහු පෑලියගොඩ නගරසභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියකගේ ස්වාමි පුරුෂයා වන අතර ඔහුව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත් අඩංගුවට ගෙන තිබුණේ නොවැම්බර් 05 වනදා ය.

තම සැමියා මෙසේ අත් අඩංගුවට පත්වීමෙන් දින දෙකකට පසු අදාළ මන්ත්‍රීවරිය සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබිණි.

ඔවුන්ගේ පුත්‍රයා ද මීට මාසයකට පමණ පෙර හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සමග අත් අඩංගුවට පත්ව තිබූ බවත් පසුව අනාවරණය විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද සිට විදුලි කප්පාදුවක් නොමැත..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පසුගිය දිනවල දිවයින...

හමුදාව භාරයේ තිබූ මුලතිව් අක්කර 6කට වැඩි භූමියක් ජනතා පරිහරණයට!

කොළඹ LNW:ආරක්ෂක අංශ පරිහරණය කරමින් තිබූ මුලතිව් කෙප්පාපිලව් ප්‍රදේශයේ...

දේශීයව නිෂ්පාදිත ගිනිඅවි නිසා වනජීවී අපරාධකරුවන් සෙවීම දුෂ්කර වී තිබේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : දේශීයව නිෂ්පාදිත ගිනිඅවි...

මහ වැස්සෙන් කොළඹ වීදි කිහිපයක්ම ජලයෙන් යටවෙයි!

කොළඹ LNW:අධික වර්ෂාව හේතුවෙන් ආමර් වීදීයේ බාබර් හන්දිය, මාලිගාවත්ත...