සෙනග පෙන්වන එක 21 බලාගමු. ආණ්ඩුව අපේ පණිවිඩය කියව ගත්තා නම් හරි – නාමල්

Date:

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව නිසා අසාධාරණයට ලක්වූ සියලු දෙනා 21 වැනිදාට නුගේගොඩට පැමිණෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

ආණ්ඩුවේ මර්දනයට එරෙහි, රැවටීමට එරෙහි,ගොවියා,ධීවරයා,කම්කරුවා රැකගැනීම වෙහෙසෙන සියලු දෙනා මේ වන විට 21 වැනිදා රැස්වීමට සූදානමින් සිටින බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ මොහොතේ කරේ තියාගෙන යා යුත්තේ පක්ෂ අරමුණු නොවන ජනතාව වෙනුවෙන් සිදුකරන කාර්ය බවයි ඔහු කියාසිටියේ. ඒ අනුව ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහි ඕනෑම කෙනෙකුට 21 රැස්වීමට සම්බන්ධ විය හැකි බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

”ස්වෙච්ජාවෙන් විශාල පිරිසක් එදාට එනවා. සෙනග පෙන්වන එක 21 බලාගමු. නමුත් ආණ්ඩුව මේ පණිවිඩය කියවා ගත යුතුයි. මොකද ආණ්ඩුවේ මර්දනයට, බොරුවට, රැවටීමට, ජනතාව සුදානම් නෑ. වෙච්ච පොරොන්දු ඉටුකරන්න ඕනේ. ඒකට අපි මතක් කිරීමක් කරනවා. පස්සේ කෙඳිරි ගාන්න එපා.” යනුවෙන් ඔහු තවදුරටත් සඳහන් කරන ලදී.

නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් දක්වා සිටියේ අද (12) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...