සටහන – රුවන් නෙළුගොල්ල
නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද BMW වර්ගයේ අධිසුඛෝපහෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් වරද පිළිගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට දඬුවම් නියම කිරීමේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම නොවැම්බර් 25 වනදා දක්වා කල් තබා තිබේ.
ඒ, එම නඩුව ඊයේ (11) කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.
එහිදී නඩුවට අදාළ BMW වර්ගයේ අධිසුඛෝපහෝගී මෝටර් රථය රාජසන්තක කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරිය ඉල්ලා සිටියාය.
ඒ අනුව, ජොන්ස්ටන් ප්‍රනාන්දුට දඬුවම් නියම කිරීම සහ අදාළ මෝටර් රථය සම්බන්ධ නියෝගය නිකුත් කිරීම ලබන 25 වනදාට කල්තැබීමටයි වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියම කළේ.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද BMW වර්ගයේ අධිසුඛෝපහෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීමට අදාළව මෝටර් රථ පනත යටතේ වූ චෝදනා තුනකට වරද පිළිගත්තේ පසුගිය ඔක්තෝබර් 27 වනදා ය. ඔහුට දඬුවම් නියම කිරීමට නියමිතව තිබුණේ ඊයේ දිනයේදී ය.


