එංගලන්තය සහ නවසීලන්තය අතර ගැටුම ගැන තීරණ ගන්න ස්කොට්ලන්තය

Date:

අද එංගලන්තය සහ නවසීලන්තය අතර පැවත්වෙන මෙවර කාන්තා ලෝක කුසලාන රග්බි අවසන් තරගයේ විනිශ්චයට එක්වන හොලී ඩේවිඩ්සන් ලෝක කුසලාන රග්බි අවසාන තරගයක ප්‍රධාන විනිසුරුවරිය හැටියට, කටයුතු කරන පළමු කාන්තාව සේ ඉතිහාසයට එක්වෙයි.ස්කොට්ලන්ත ජාතික හොලී, 1994 දී ජිම් ෆ්ලෙමින්ගෙන් පසුව අවසාන තරගයක විනිසුරු මඩුල්ලක කටයුතු කරන දෙවන ස්කොට්ලන්ත විනිසුරුවරියද වෙයි.
රගර් විනිසුරු තනතුරට පළමුවරට වෘත්තීය මට්ටමෙන් පිවිසි කාන්තාව හැටියට සැළකෙන සාරා කොක්ස් මෙවර තරගාවලියේ ලෝකඩ පදක්කම සඳහා පැවත්වෙන කැනඩාව සහ ප්‍රංශය අතර තරගයේ විනිශ්චයට කැඳවා ඇත.මෙවර කාන්තා රගර් සූරතාවලියේ වැඩි අවධානයක් දිනා ගැනීමට කාන්තා විනිසුරුවරියන්ට ලබා දුන් අවස්ථාව අගය කළ යුතුය.
හොලී සය ජාතික ජාත්‍යන්තර පිරිමි තරගාවලියකදී පෘතුගාලය සහ ඉතාලිය අතර තරගයක් විනිශ්චය කරමින් එවැනි මට්ටමේ පිරිමි ජාත්‍යන්තර තරගයක් වනිශ්චය කළ පළමු විනිසුරුවරිය ලෙස ද ඉතිහාසයට එක් වී ඇත.මේ වන විට වෘත්තීය රගර් විනිසුරුවරියන්ගේ ස්ථානය සමබන්ධයෙන් හොලීටත් වඩා හඬ අවදි කරන්නියක වන සාරා දැනට ලැබෙන ඉඩ ප්‍රමාණයටත් වඩා පිරිමින් හා දක්ෂතාවය සළකා සමානව වැඩ කිරීමේ අවස්ථාව කාන්තාවන්ට හිමි විය යුතු බව විශ්වාස කරයි.
එක් අතකින් රගර් මෙන්ම තවත් අතකින් ක්‍රීඩාවේ අවස්ථා පිළිබඳ අසමානතාවයන් වෙනස් කරමින් කාන්තාවන්ට වැඩි අවස්ථාවක් හිමි වූ මෙවර ලෝක කාන්තා රගර් කුසලානය රගර් ක්‍රීඩාවට සම්බන්ධ සියලු ආකාරයේ කාන්තාවන්ට එම වෘත්තීන් හරහා ඉදිරියට යන්නට ජයග්‍රාහී මාවතක් සකස් කළ තරගාලියක් ලෙස ඉතිහාසයට එකතු වනු ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...