*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

ගල් අඟුරු ටෙන්ඩර් මඟඩියේ සුලමුල ගැන විගණකාධිපතිගෙන් හෙළිදරව්වක්!

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයට 2022 – 2025 කාලසීමාව සඳහා ගල් අඟුරු මිලදී ගැනීම් සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් නියම කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) උපදෙස් දුන්නේය.

ගල් අඟුරු මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමේදී පැන නැගුණු වෙනස් තත්ත්වයන් පිළිබඳව කමිටුව සාකච්ඡා කළ අතර නිලධාරීන් ඉදිරිපත් කළ අදහස් පිළිබඳව ද අවධානය යොමු කරන ලදී.

විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් පෙන්වා දී ඇති ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේදී නිර්මාණය වන දුර්වලතා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර, මෙම සාකච්ඡා කළ කරුණු පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කමිටු සාමාජිකයන් සියලු දෙනා තවදුරටත් එකග විය.

ඒ අනුව විගණකාධිපති වාර්තාවේ ඉදිරිපත් කර ඇති නිර්දේශ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට කෝප් කමිටුව නියෝග කළේය.

ලක්විජය ගල් අඟුරු බලාගාරය විසින් 2022 – 2025 කාලසීමාවන් සඳහා ගල් අඟුරු මිලදී ගැනීම් වල ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇගයීම සම්බන්ධයෙන් 2022 සැප්තැම්බර් 30 වැනි දින ඉදිරිපත් කළ විශේෂ විගණන වාර්තාව පරීක්ෂා කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.

මේ අනුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, ප්‍රසම්පාදන කමිටුවේ සභාපතිවරයා, ලංකා ගල් අඟුරු සමාගමේ (පෞද්ගලික) සභාපතිවරයා සහ තාක්ෂණික ඇගයීම් කමිටුවේ සභාපතිවරයා මෙම රැස්වීමෙහි සාමජිකයන් විය.

ඒ අනුව ඉදිරියේදී ක්‍රියාත්මක කිරීම සඳහා වන  නිර්දේශ 8ක් විගණකාධිපති වාර්තාවෙන් ඉදිරිපත් කර ඇත.

1. රජය විසින් අනුමත කරන ලද ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුකූලව ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ සියලුම පාර්ශ්වයන්ගේ වගකීම නිසි ලෙස ඉටු කිරීම සහතික කිරීම සහ එවැනි වගකීම්වලින් බැහැර වන පාර්ශ්වවලට එරෙහිව සුදුසු පියවර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරේ.

2. නියෝගවල 1.2 ඡේදයේ සඳහන් කිසිඳු කරුණකට මොනයම් හෝ අගතියක් සිදු නොකරමින් මූල්‍ය ශක්‍යතාව, පළපුරුද්ද, සැපයුමේ ගුණාත්මකභාවය ඇතුළු මූලික අවශ්‍යතා හා සැපයුම්කරුවන්ගේ සැලකිය යුතු නීතීමය බැදීම් ආරක්ෂා කර ගැනීමට ලංසුකරුවන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය පිළිගත හැකි මට්ටමකට ලිහිල් කර තරඟකාරිත්වය වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව සඳහන් විය.

3. ලංසු තැබීමේ ලේඛනවලට සංශෝධන සිදු කිරීමේදී අදාළ තහවුරු කිරීම්වලට සහ වගකීම් කිසිදු අගතියක් සිදු නොකරමින් සහ එහි නීත්‍යානුකූලභාවය තහවුරු කිරීමෙන් පසු එවැනි සංශෝධන සිදු කළ යුතු බවත් කියාසිටියේය. තවද එම සංශෝධනවලට අනුගත වන පරිදි ලංසු ලේඛනවල අනෙකුත් වගන්ති සහ ගිවිසුම් සංශෝධනය කිරීමට වගකිව යුතු බවත් අවධාරණය විය.

ලංසු කැඳවීමෙන් පසුව ලංසු ලේඛන සඳහා සැලකිය යුතු සංශෝධන සිදු කිරීමේ සෑම හැකියාවක්ම වැළැක්විය යුතු අතර ලේඛනවලට පසුව සිදු කරන ලද සංශෝධනවලදී  සියලුම ලංසුකරුවන්ට එවැනි සංශෝධන අනුගමනය කිරීමට සාධාරණ කාලයක් ලබා දීමට කටයුතු කළ යුතුය.

4. ගල් අඟුරු ප්‍රසම්පාදනයේදී ප්‍රසම්පාදන මාර්ගෝපදේශ ප්‍රකාරව නිසි පරිදි සම්පූර්ණ කරන ලද ප්‍රසම්පාදන සැලැස්ම සකස් කර අනුමත කිරීමටත් ඒ අනුව අනුගත වීමටත්, නියමිත වේලාවට ගල් අගුරු සැපයීම තහවුරු කිරීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන පිළිබඳ පූර්ව එකඟතාවක් ලබා ගැනීමේ හැකියාව කෙරෙහි අවධානය යොමු කිරීමටත් ක්‍රියා කළ යුතුය.

5. තවද වැඩි ප්‍රමාණයක සැපයුම්කරුවන්ගේ එකතුවකින් ප්‍රසම්පාදන කටයුතු සිදුකිරීමේදී, එවැනි රැස්වීමක නීත්‍යානුකූල ස්ථාවරත්වය තහවුරු කළ යුතු අතර, එහි හැකියාව තහවුරු කිරීමට සහ ගුණාත්මක ගල් අඟුරු තොග නියමිත වේලාවට ලැබීම තහවුරු කිරීමට ලංසු ලේඛන සහ ගිවිසුම් ශක්තිමත් කළ යුතුය.

6. ගල් අඟුරු ප්‍රසම්පාදනයට අදාළ සංයුක්ත දර්ශක නිර්ණය කිරීමේදී රජයට උපරිම ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා එකී දර්ශක සැකසීම සඳහා භාවිත කරන කලාපීය දර්ශක කාලෝචිත ලෙස නැවත සලකා බැලීමට කටයුතු කළ යුතුය.

7. දැනටමත් ලියාපදිංචි වී සිටින සැපයුම්කරුවන්ට විවෘත ජාත්‍යන්තර ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුගත වෙමින් ප්‍රසම්පාදන සඳහා සහභාගී වීමට අවස්ථාව සලසා දෙමින් ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කිරීමට 2022 සැප්තැම්බර් 22 දින අමාත්‍ය මණ්ඩල තීරණය මගින් අනුමැතිය ලබා දී ඇති බවත් මෙහීදී වැඩිදුරටත් ප්‍රකාශයට පත් විය.

ඕවින්දි විෂ්මිකා

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan