මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිට මරණ තර්ජන කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට !

0
317

මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණීය තර්ජන එල්ල කර කප්පම් ගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඔහුව වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ඒකකය පවසන්නේ.

අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී අදාළ සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12ක් ද හමුවී ඇති බව සඳහන්.

RN