අනිවත්තෙන් ඇල්ලූ BMW රථය නීතිවිරෝධී එකක්. හිමිකරුට එරෙහිව අධිකරණ නියෝගයක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මහනුවර, අනිවත්ත ප්‍රදේශයේදී පසුගිය ඔක්තෝබර් 21 වනදා පොලිස් භාරයට ගත් මෝටර් රථ දෙක අතරින් BMW වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය නීතිවිරෝධී ලෙස කොටස් එකළස් කර සකස් කර ඇතැයි අනාවරණය වී තිබේ.

එසේම එහිදී පොලිස් භාරයට ගත් පැජරෝ වර්ගයේ ජීප් රථයේ ද චැසි අංකයක් දක්නට නොමැති අතර එය රජයට අයත් වාහනයක්ද යන්න පිළිබඳ පොලිස් විමර්ශන සිදුකෙරෙන බව සඳහන්.

ඒ අනුව, මෙම වාහන දෙකෙහි හිමිකරු බව පැවසෙන ඉන්දික සේරම් නමැත්තාට එරෙහිව විදෙස් ගමන් තහනමක් පැනවීමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.

සැකකරු අත් අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හර්ෂට බෑ කියයි ?

පහුගිය කාලෙ සමගි ජන බලවේගය ඇතුළෙ එහෙන් මෙහෙන් සෑහෙන්න...

‘මහ ගෙදර’ වාසය

මහ ගෙදරකුඩාවට වසමි මමමට වඩා විසල්වඔබ ඒ අසල අරින විට...

පකිස්තානයෙන් හොඳ ආරම්භයක්

නිශ්මං රණසිංහ ජනවාරි 08, කොළඹ LNW: පකිස්තානයේ ආරම්භක පිතිකරුවන්ගේ ද,ආරම්භක...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනවාරි මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි...