වැසි තත්වයේ වර්ධනයක් – අද (13) කාලගුණය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කළාපයක් නිර්මාණය වී ඇති අතර එහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් අද (නොවැම්බර් 13) සහ ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම, ඌව, සබරගමුව, සහ දකුණු පළාත්වලත්, කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.100 පමණ තද වැසි ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිඳුවෙමින් පවතින්නේ සුගත්ගේ පැත්තට අවනඩු හැරවීමක් ද?

නිශ්මං රණසිංහ ජනවාරි 0, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා හෝ ක්‍රීඩා...

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : 2025 (2026) අධ්‍යයන...

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විකල්ප හෝ මිලිටරි ක්‍රම සලකා බලන බව ධවල මන්දිරය කියයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස