වර්ෂාවෙන් බාධා එල්ල වන ප්‍රදේශවලට ඡන්ද පෙට්ටි ප්‍රවාහනයට නාවික හමුදාවේ සහය!

Date:

කොළඹ LNW:අධික වැසි හා ස්වාභාවික ආපදා තත්ත්වයන් මතු වුවොත් දුෂ්කර ප්‍රදේශවල ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සඳහා නාවික හමුදාව ඇතුළු අමතර ආරක්ෂක අංශ යොදවන බව මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී චන්දන තෙන්නකෝන් මහතා පවසයි.

මහනුවර දිස්ත්‍රික්කයේ උඩගලදෙබොක්ක,ගලමුදුන යන දුෂ්කර ඡන්ද මධස්ථානවල ඡන්ද පෙට්ටි කිලෝමීටර් හයක පමණ දුරක් පයින් ගෙන ඒමට සිදුවන අතර අධික වර්ෂාව හමුවේ පෙට්ටි ප්‍රවාහනය කිරීම අසීරු කාර්යයක් වේ.

දුම්බර නකල්ස් කලාපයට හෙට දිනයේ අධික වැසි ඇද හැලුණහොත් ඡන්ද පෙට්ටි මහනුවර කරා රැගෙන ඒමේදී වන ජීවී කාලපයට නාවුක හමුදාව, යුද හමුදාව හා අමතර පොලිස් නිලධාරීන් යෙදවීම සම්බන්ධයෙන් අදාල අංශ දැනුවත් කොට ඇතැයි අද (13) පොල්ගොල්ල විවෘත විශ්ව විද්‍යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී තේරීම්භාර නිලධාරී චන්දන තෙන්නකෝන් මහතා මේ බව කීවේය.

මහනුවර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු හෙට (14) පස්වරු 4.15ට ආරම්භ කරන බව කී තේරීම්භාර නිලධාරීවරයා, සෙසු ඡන්ද පෙට්ටි ගණන් කිරීම පස්වරු 05.30ට පමණ ආරම්භ කළ හැකි යැයි ද කීවේය.

කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවී නොමැති බවත් ඡන්ද අයිතිය තහවුරු කර ගැනීම සඳහා බියක් සැකයකින් තොරව හෙට දිනයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙස ඡන්ද දායකයන්ට දැනුම් දෙන බව ද ඒ මහතා පැවසුවේය.

මෙවර මහ මැතිවරණයෙන් මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 12 දෙනෙකු තෝරා පත් කර ගන්නා බවත් ඒ සඳහා ප්‍රධාන පක්ෂ 22ක් හා ස්වාධීන කණ්ඩායම් 12ක අපේක්ෂයන් 510කු තරඟ කරන බවත් තේරීම්භාර නිලධාරී චන්දන තෙන්නකෝන් මහතා තවදුරටත් සඳහන් කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් කළේ කුමක්ද ?

රනිල් අරගලයෙන් පස්සේ බලය ගත්ත එක සහ එම බලය...

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වුණු මාලිමා මන්ත්‍රී උසාවියට ඉදිරිපත් වෙයි. මාධ්‍යට දෝස්මුරයකුත් තියයි

ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන්...

ට්‍රම්ප්ගේ බද්ද අඩුකර ගැනීමට ජනපති අනුර සහ USTR තානාපති අතර සාකච්ඡාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද වෙළෙඳ...