ලෝක තරුණ බෞද්ධ සංඝ සම්මේලනය ජපානයේදී!

Date:

සටහන – රත්නපාල ගමගේ 
ස්විට්සර්ලන්තය (LNW) :
ලෝක තරුණ බෞද්ධ සංඝ සම්මේලනයේ 21වෙනි වාර්ෂික සමුළුව ජපානයේ චිබා නුවරදී පසුගිය 2වෙනි දා සිට 5 දක්වා උත්කර්ෂවත්ව පැවැත්වුණි.


ලෝක තරුණ බෞද්ධ සංඝ සම්මේලනයේ ආරම්භක හා එහි ලේඛකාධිකාරී සමස්ථ ලංකා ශාසනාරක්‍ෂක මහා මණ්ඩල ප්‍රධාන ලේකම් ආචාර්ය මුගුණුවල අනුරුද්ධ නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි.මෙවර සම්මේලනයේ ආගන්තුක සත්කාර රට වූයේ ජපානයයි.
තායිවානයේ ගොන්ස්ටන් බෞද්ධ විහාරයේ අධිපතිනි සහ ලෝක තරුණ බෞද්ධ සංඝ සම්මේලනයේ ප්‍රධාන සභාපතිනි ෂේ කෲවන් රූයි භික්ෂුණියගේ අනුග්‍රහයෙන් විචිත්‍රවත් ලෙස පැවැත්වූ සංඝ සම්මේලනයට රටවල් 15ක පමණ භික්ෂු භික්ෂුණීන් වහන්සේලා සහ ගිහි භවතුන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

ඇමරිකා එක්සත් ජනපදයේ මහාචාර්ය පූජ්‍ය මඩවල සීලවිමල නාහිමි, ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය තවලම ධම්මික නාහිමි, ඕස්ට්‍රේලියාවේ ආචාර්ය පල්ලෙවෙල දේවරක්ඛිත නාහිමි, ජපානයේ හුරුලුනිකවැව සුධම්ම නාහිමි, නාගදීපයේ නවදගල පදුමකිත්ති නාහිමියන් සහ වත්තල ගොංගිතොට ශ්‍රී සද්ධර්මාරාම විහාරාධිපති පූජ්‍ය ආචාර්ය උඩුවර දේවානන්ද හිමි ඇතුලු ප්‍රධාන භික්ෂුන්වහන්සේලා 20 නමක් ශ්‍රී ලංකාව නියෝජනය කලහ.

මෙම සංඝ සම්මේලනයට ජපානය, තායිවානය, මැලේසියාව, තායිලන්තය, ලාඕසය, වියට්නාමය, මියන්මාරය, බංගලාදේෂය යන රටවල ථෙරවාද, මහායාන, වජ්‍රයාන හා සෙන් බෞද්ධ සම්ප්‍රදායන් නියෝජනය කරමින් භික්ෂු භික්ෂූනීන් විශාල පිරිසක් හා ගිහි භවතුන් විශාල පිරිසක් සහභාගී වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...