පෙනේ ලස්සනට නොවන බව පෙන්විමට නයාට අවස්ථාවක්

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW:

ක්‍රීඩකයා රාජ්‍යතාන්ත්‍රික වගකීමකින් බැදී ඇත.ඒ නිසාම ඔහුට රට වෙනුවෙන් දක්ෂ ලෙස ක්‍රීඩා කිරීම මෙන්ම රටේ රාජ්‍යතාන්ත්‍රික ගෞරවය සුරැකීමත් පැවරෙන්නේය.ඒ නිසාම ක්‍රීඩකයන්ට සංචාරයක් ඇතුළත සුරැකිය යුතු විනය නීති මාලාවක් ද ඇති අතර ඒවා බිඳෙන හැටි සහ එයින් ඇති වූ ගැටළු ද අපි මෑත ඉතිහාසය තුළ වරින්වර අත්වින්දෙමු.ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් යම් ආකාරයක ලිහිල් ප්‍රතිපත්තියක සිට දඬුවම් පැමිණීම නිසා අගෞරවයට අපකීර්තියට පත්වෙන අන්දමේ ප්‍රතිචාරවලින් බැට කෑ අතර,ක්‍රීඩකයන්ගේ වැරදි හැසිරීම්වල වැඩි අපකීර්තිය දා ගන්නට සිඳු වූයේ ක්‍රිකට් පරිපාලනයටය.


කෙසේ වුවත් රටක් නියෝජනය කරන ක්‍රීඩකයා තානාපතිවරයෙකු ලෙස නම් කෙරෙන්නේ ඔහු නියෝජනය කරන රාජ්‍යය සතු විදෙස් ප්‍රතිපත්ති සුරක්ෂිත කිරීමට බැඳී සිටින බැවිනි.රටක ක්‍රීඩා කරන විට එම රට ආරක්ෂාව පිළිබඳව දෙන සහතිකය අතිශයින් වැදගත් අතර ඊට ලැබෙන සහතිකය මත ක්‍රීඩාව පවත්වාගෙන යාමට දෙරට විසින් ඇති කර ගන්නා එකඟතාවය යටතේ ක්‍රීඩකයාට වැඩ කිරීමට සිඳු වන්නේය.
ශ්‍රී ලංකාවේ පැවති යුද වාතාවරණය මැද්දේ 1996 දී ශ්‍රී ලංකාවට පැමිණීම යම් යම් රටවල් ප්‍රතික්ෂේප කළ අතර එහිදී කළාපීය සුහදතාවය මත විරසක ඉන්දියාව සහ පකිස්තානය ද එක්ව ශ්‍රී ලංකාව ආරක්ෂාව සම්බන්ධයෙන් දෙන සහතිකය පිළිගත හැකි එකක් බව පෙන්නීමට ඔවුන් ශ්‍රී ලංකාව සමඟ සුහද තරගයක නිරත විය.දෙරටේ කිසිඳු ප්‍රබල ක්‍රිඩකයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන්නට අපහසු බව නොකියා එම තරගයට සහභාගි විය.මේ බලපෑම මත අයිසීසීය ශ්‍රී ලංකාවට නොපැමිණි කණ්ඩායම් පරාජය වූ කණ්ඩායම් සේ සළකා එම තරගවල ජයග්‍රාහී කණ්ඩායමට හිමිවන ලකුණු ප්‍රමාණය ශ්‍රී ලංකාවට පිරිනැමුවේය.


එහෙත් යම් ගැටළුවකට ඇත්තේ පකිස්තානයට ප්‍රකාශිත ආරක්ෂාව රකින්නට නොහැකි වීමය.ඒ නිසා 2009 මාර්තු මාසයේදී ටෙස්ට් තරඟයක් සඳහා ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගණයට යමින් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ බස්රියට ත්‍රස්තවාදීහු වෙඩි තැබීමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තුවාල සිඳු වූහ.මේ ඉතිහාසගත කරුණ නිසා පකිස්තානයට ක්‍රිකට් කණ්ඩායම් නොයන තරමට ප්‍රඕනය උඩු දිව්වේය.එම තත්ත්වය වෙනස් කළේ ද ශ්‍රී ලංකාවය.ඒ 2017 දී දසුන් ශානකගේ නායකත්වයෙන් කණ්ඩායමක් පකිස්තානයේ සංචාරය කිරීම නිසාය.වනිඳු හසරංග ලෝකය හොඳින් හඳුනාගත්තේ ද එහිදී ය.

මේ ඉතිහාස කතාවට අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් පකිස්තානයද පකිස්තානය වෙනුවෙන් ශ්‍රී ලංකාව ද ජාත්‍යන්තරය ඉදිරියේ තමන්ගේ සහය අනෙකාට ලබා දීම සම්බන්ධයෙන් කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන්නෝය.එහෙත් වරක් ගිණි පෙනෙල්ලෙන් බැට කා සිටින නිසා තරගය පවතින ස්ථානයට සැතපුම් 20 ක් දුරින් සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 12 දෙනෙකු මිය ගොස් තවත් 27 දෙනෙකු තුවාල ලැබීම ක්‍රීඩකයන්ට බිය ගෙන දීම අසාමාන්‍ය තත්ත්වයක් නොවේය.ඊට පෙර පකිස්තානු කණ්ඩායමේ නදීම් ෂා ගේ නිවසට ප්‍රහාරයක් ද එල්ල වී ඇති තත්ත්වයක සිතට බියක් දැනීම අසාමාක්‍ය දෙයක් නොවන්නේය.


මෙහිදී ක්‍රිකට් පරිපාලනය සිටින්නේ පකිස්තානය රාජ්‍යයක් ලෙස ආරක්ෂාව සම්බන්ධයෙන් දක්වන විශ්වාසය කෙරෙහි විශ්වාසය තබමින්ය.ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ දායකත්වයක් දුන් රටක් හැටියට ලංකාවේ බොහෝ හමුදා නිලධාරීන්ගේ පුහුණුව වෙනුවෙන් දායකත්වය දුන් රටක් හැටියට ශ්‍රී ලංකාවට පකිස්තානය වැදගත්ය.ඒ වගකීමේ කොටස මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉටු කරමින් සිටින්නේය.පකිස්තානය පැත්තෙන් පකිස්තාන රජයේ නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ පකිස්තාන ක්‍රිකට් පරිපාලනය ය.
පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානියා වන්නේ ද පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොසින් නක්වි මහතාය. ඒ තත්ත්වය මත පකිස්තානයේ දේශපාලන නායකත්වයට එරෙහිව ගොඬ නැඟෙන විරෝධයේ ඉලක්කයක් විදිහට ක්‍රිකට් ක්‍රීඩාවද ස්ථානගත වීම අරුමයක් නොවන්නේය. මොසින් නක්වි මහතා ආසියානු ක්‍රිකට් සභාවේත් ස‍භාපතිවරයා ද වන අතර ඔහු ද දේශපාලන බලය ද කර පින්නාගෙන යම් ආකාරයක උද්ධච්ඡ ස්වරූපයකින් හැසිරෙන නිසා මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ද පැවත්වීම කෙරෙහි අවිනිශ්චිත තත්ත්වයක් උද්ගත විය.
මේ පසුබිම රටක් හැටියට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔබ්බට ගොස් ශ්‍රී ලංකා රජය විසින් භාර ගත යුතුය.ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් උපදෙස් ගන්නට බංකු රැඟෙන එන ලෙස පැවසූ පිරිස් සිටින ආණ්ඩුවකට ක්‍රිකට් කණ්ඩායමක් සමඟ සිටින සුළු පිරිසක් වෙනුවෙන් ආරක්ෂාව කෙසේ විය යුතුද යන්න සැළසුම් කිරීම අපහසු නොවනු ඇත.ඒ නිසා එහි පරිමාව කිනම් ආකාරයක් සහ හැඩයක් ගත යුුතු ද යන කොන්දේසිය පකිස්තාන රජයට දැණුම් දි මේ ගැටළුව විසදීමට රජයට කළ හැකි මැදිහත්වීම කිරීම වැදගත්ය.
ඒ දක්වා ක්‍රීඩකයින් මේ තරගාවලිය අතරමැද ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට විරුද්ධව ආපසු ඒමට උත්සාහ දරන්නේනම් එය බරපතල වරදක් වනු ඇත.ඊට අදාළ දඬුවම් කිසිඳු හුරතල් කිරීමකින් තොරව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය යොමු කළ යුතුය.මේ දක්වා බොහෝ කාරණාවලදී ක්‍රීඩකයින්ගේ විනය සම්බන්ධයෙන් ගත් තීරණවල සැහැල්ලු ස්වභාවය ගැන අඛණ්ඩව බැණුම් අසමින් දෝශාරෝපනයට ලක්වෙමින් සිටින පරිපාලකයින්ව, ක්‍රීඩකයින් මේ අවස්ථාවේදී සැහැල්ලුවට ගෙන කටයුතු කරන්නේනම් ඊට ප්‍රතිචාර දැක්වීම කිසිඳු හුරතල් කිරීමකින් තොරව සිඳු කිරිමට පරිපාලනයට අයිතියක් ඇත.

කෙසේ හෝ ඉතාම සංකීරණ තත්ත්වයක ඇතැම් ක්‍රීඩකයින් ආපසු එන්නට ඉඩු බඳිමින් සිටින තත්ත්වයක් වාර්තා වුව ද,මේ වන විට ලැබෙන තොරතුරු මත නියමිත පරිදි දෙවන එක්දින තරගය අද නොපවත්වා හෙට පැවත්විමට එකඟවීමක් දක්වා ඇත.එසේ විමට කණ්ඩායම ඊට එකඟ වී ඇද්ද යන්න ගැන අදහසක් නැතත් මේ තරගාවලිය පැවත්වීම කිසිඳු බලපෑමකට යටත්ව නැවත්වීමට ශ්‍රී ලංකාව සූදානම් නැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍යයට නිකුත් කළ නිවේදනයෙන් පැහැදිළි වන්නේය.
//සංචාරය දිගටම කරගෙන යන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සියලුම ක්‍රීඩකයින්ට, සහායක කාර්ය මණ්ඩලයට සහ කණ්ඩායම් කළමනාකාරිත්වයට උපදෙස් දී ඇත.
කෙසේ වෙතත්, සංචාරය දිගටම කරගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නියෝගය නොතකා, සංචාරක කණ්ඩායමේ ඕනෑම ක්‍රීඩකයෙකු හෝ සාමාජිකයෙකු ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට තීරණය කළහොත්, සංචාරය බාධාවකින් තොරව සිදුවන බව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහාම ආදේශක යවනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝග නොතකා කිසියම් ක්‍රීඩකයෙකු, ක්‍රීඩකයෙකු හෝ සහායක කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ආපසු පැමිණියහොත්, ඔවුන්ගේ ක්‍රියාවන් තක්සේරු කිරීම සඳහා විධිමත් සමාලෝචනයක් පවත්වනු ලබන අතර, සමාලෝචනය අවසන් වූ පසු සුදුසු තීරණයක් ගනු ලැබේ.//
මෙය හොඳ තත්ත්වයකි.පෙනය ඇත්තේ ලස්සනට නොවන බව නයා පෙන්විය යුතු අවස්ථාවලදී එය අතහැර දැමීම සුදුසු නොවන්නේය.එහෙත් නයා අසරණ නොකර නටවන අහිගුණ්ඪිකයා ට ද නයාගේ තත්ත්වය තේරුම් ගෙන මැදිහත්වීමට වගකීමක් ඇත.ර් වගකීම ආණ්ඩුව ඉටු කරන්නට ආණ්ඩුව මැදිහත් වන අයුරු වැදගත්ය.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කරන ලද මැදිහත්වීමට ජාත්‍යන්තර වශයෙන් කීර්තිය ළඟා වෙමින් සිටින අතර පකිස්තානු ක්‍රිකට් සභාපතිවරයා ද ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ රැදී සිටීමට එකඟ වූ බවට ප්‍රවෘත්තියක් පළ කරමින් කණ්ඩායමට කෘතඥතාවය පුද කර ඇත.ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉහළ පිළිගැනීමක් ලැබෙනාකාරයට මේ වන විට තරගාවලිය තුළ රැදී සිටීමට එකඟ වූ බවට පළවන ප්‍රවෘත්තිය වැදගත්ය.ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය කුසල් මෙණ්ඩිස් ආරක්ෂාව දුන් සහතිකය ද,නැවත කණ්ඩායම තරගාවලියෙන් ඉවත්වීමට ගත් තීරණය ද එකට හුවා දක්වමින් ශ්‍රී ලංකාවේ ක්‍රියා කළාපය යම් කිසි ආකාරයකින් හාස්‍යයට ලක් කිරීමට සූදානම් වුවත් තරගාවලිය තුළ රැද සිටිමේ එකඟතාවය පළවීමෙන් පසුව ප්‍රශංසාව ගලා එමින් ඇත. එමෙන්ම ඔවුන්ව ආරක්ෂා කිරීමේ වගකීම සම්බන්ධයෙන් පකිස්තානය ගනු ලබන ක්‍රියාමාර්ග සොයා බලා, පකිස්තානයේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා හරහා අවශ්‍යය ක්‍රියාමාර්ග ගැනිමට ශ්‍රී ලංකා රජය ද වගකීමක් ගන්නේනම් වැදගත්ය.ඔවුන් එහි රැදී සිටින්නේ රටේ දෙකෝටියකට අධික ජනතාව වෙනුවෙන්ය.
පහත දැක්වෙන්නේ පකිස්තාන ක්‍රිකට් පරිපාලනය තරගාවලිය සම්බන්ධයෙන් පළ කර තිබෙන අලුත්ම නිල නිවේදනය ය.
පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර (එක්දින) තරගාවලියේ මෙන්ම පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ ඇතුළත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත විස්සයි20 තුන්කොන් තරගාවලියේ කාලසටහනේ වෙනස්කම් පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) අද නිවේදනය කළේය.

ක්‍රියාත්මක සහ තරඟ අවශ්‍යතා සපුරාලීම සඳහා අන්‍යෝන්‍ය සාකච්ඡාවලින් පසුව, ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සහ සිම්බාබ්වේ ක්‍රිකට් (ZC) සමඟ සාකච්ඡා කර කාලසටහන සංශෝධනය කිරීමට තීරණය කරන ලදී.

සංශෝධිත කාලසටහනට අනුව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ඉතිරි එක්දින තරඟ 2025 නොවැම්බර් 14 සහ 16 යන දිනවල රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී (RCS) පැවැත්වෙන අතර, T20i ත්‍රි-ජාතික තරඟාවලිය දැන් සම්පූර්ණයෙන්ම රාවල්පින්ඩිහිදී පැවැත්වෙන අතර, නොවැම්බර් 18 වන දින ආරම්භ වන අතර අවසන් තරඟය 2025 නොවැම්බර් 29 වන දින පැවැත්වීමට නියමිතය.

පාකිස්තානය (සත්කාරක), ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ සහභාගී වන විස්සයි විස්ස තුන් කොන් තරඟාවලිය, 2026 ICC T20 ලෝක කුසලානයට පෙර ලැබෙන වැදගත් පෙර සූදානම් තරගාවලියක් ලෙස ක්‍රියා කරනු ඇත.

එක්දින තරඟාවලිය සහ T20I තුන් කොන් තරඟාවලිය යන දෙකටම යාවත්කාලීන කරන ලද තරඟාවලි සම්බන්ධ තොරතුරු ඉක්මනින් PCB හි නිල ප්‍රකාශ තුළින් බෙදා ගනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යාපනය – පලාලි ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීම පිළිබද විශේෂ සාකච්ජාවක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : ආරක්ෂක අංශයේ ඇතුළු...

PTA අහෝසි කිරීමේ වාර්තාව අධිකරණ ඇමති අතට!

කොළඹ LNW:ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම...

එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද විමසීම අද (13)..

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු රජයේ කටයුතු...

රසිඳුට අද ලෝකයේ 60 වැනියාව හමු වෙයි.

සටහන - නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW:BNI Indonesia...