යාපනය – පලාලි ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීම පිළිබද විශේෂ සාකච්ජාවක්

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW :

ආරක්ෂක අංශයේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් දැනට ආරක්‍ෂක අංශ යටතේ පවතින යාපනය – පලාලි ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීම පිළිබද විශේෂ සාකච්ජාවක් පවත්වා තිබෙන බව සඳහන් වේ.

එහිදී අදාළ ඉඩම් සම්බන්ධයෙන් වන සීමා නැවත සකස් කිරීම, අවසන් කිරීම, නිදහස් කිරීමට ප්‍රමුඛතාවය දිය යුතු ඉඩම් කොටස් තීරණය කිරීම සහ ඒ සම්බන්ධ පරිපාලනමය බාධකවලට පිළියම් සෙවීම පිළිබඳව මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක් වී ඇත.ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ, අත්‍යවශ්‍ය ආරක්‍ෂක යටිතල පහසුකම්වලට හානි නොවන පරිදි, නීත්‍යානුකූල අයිතිවාසිකම් සහිත ඉඩම් ඒවායේ හිමිකරුවන් වෙත නැවත ලැබීම සහතික කෙරෙන විනිවිදභාවයෙන් යුතු හා සාධාරණ ක්‍රියාවලියක වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධාරණය කළ බවයි

ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේ, ජාතික ආරක්‍ෂාව කෙරෙහි බලපාන කරුණු පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කරමින් රජය විසින් ක්‍රියාත්මක සංහිඳියාවේ වැඩපිළිවෙල වේගවත් කිරීම අරමුණු කර ගනිමින් මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි.

මෙම සාකච්ඡාව සදහා ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය ගරු. රාමලිංගම් චන්ද්‍රසේකර් සහ වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සහභාගී වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තුන් කොන් සටනේ සියළු තරග රාවල්පිණ්ඩි වෙත – තරග ප්‍රමාණය අඩු වෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: පකිස්තානයේ පැවති ආරක්ෂාව සම්බන්ධ...

මල් පාරේ හදිසි සාකච්ඡාවෙන් පසු නාමල් කියූ දේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : ඊයේ මල්...

වතුකම්කරු වැටුප් වැඩි කිරීම ගැන නීත්‍යානුකූලභාවය තහවුරු කරන්න – සමඟිය අල්ලස් කොමිසමටත් ලියයි!

කොළඹ LNW:2026 අයවැය මඟින් වතුකම්කරුවන් වෙත වැඩිකරන ලද වැටුපේ...

වෙළද සේවා ඩී කොටසේ තරගාවලියට මංචි සමඟ අලුත් රසක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: හය වන වරටත් වෙළද...