PTA අහෝසි කිරීමේ වාර්තාව අධිකරණ ඇමති අතට!

Date:

කොළඹ LNW:ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වූ කමිටුවේ වාර්තාව සහ එහි නිර්දේශ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා වෙත භාර දී තිබේ.

ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ සභාපතිතත්වයෙන් එම කමිටුව පත්කර තිබුණි.

ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම වෙනුවෙන් සලකා බලා අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම එම කමිටුවේ වගකීම විය.

නව පනත ගෝලීය ත්‍රස්තවාදයට සහ අභියෝගයන්ට මුහුණදිය හැකි ආකාරයේ පනතක් විය යුතු අතර අන්තර් ජාතික වශයෙන් පිළිගන්නා මෙරට ව්‍යවස්ථාවෙන් ද සහතික කර ඇති මානව හිමිකම් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතීන් කඩ නොවන අකාරයේ පනතක් විය යුතු බව ඒ සම්බන්ධයෙන් හර්ෂණ නානයක්කාර අමාත්‍යවරයා පූර්වයෙන් අවධාරණය කළේය.

ඒ අනුව නව පනත සකස් කරගැනීම වෙනුවෙන් මහජන අදහස් හා සිවිල් සංවිධානවල අදහස් මෙන්ම අන්තර් ජාතික ආයතන හා ප්‍රජාවන්ගේ අදහස් ද ලබා ගෙන තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...