PTA අහෝසි කිරීමේ වාර්තාව අධිකරණ ඇමති අතට!

Date:

කොළඹ LNW:ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වූ කමිටුවේ වාර්තාව සහ එහි නිර්දේශ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා වෙත භාර දී තිබේ.

ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ සභාපතිතත්වයෙන් එම කමිටුව පත්කර තිබුණි.

ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම වෙනුවෙන් සලකා බලා අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම එම කමිටුවේ වගකීම විය.

නව පනත ගෝලීය ත්‍රස්තවාදයට සහ අභියෝගයන්ට මුහුණදිය හැකි ආකාරයේ පනතක් විය යුතු අතර අන්තර් ජාතික වශයෙන් පිළිගන්නා මෙරට ව්‍යවස්ථාවෙන් ද සහතික කර ඇති මානව හිමිකම් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතීන් කඩ නොවන අකාරයේ පනතක් විය යුතු බව ඒ සම්බන්ධයෙන් හර්ෂණ නානයක්කාර අමාත්‍යවරයා පූර්වයෙන් අවධාරණය කළේය.

ඒ අනුව නව පනත සකස් කරගැනීම වෙනුවෙන් මහජන අදහස් හා සිවිල් සංවිධානවල අදහස් මෙන්ම අන්තර් ජාතික ආයතන හා ප්‍රජාවන්ගේ අදහස් ද ලබා ගෙන තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලාංකික ව්‍යාපාරික නායකයින්ට කාම්බෝජයේ ව්‍යාපාරික අව්ස්ථා පිරීක්සීමේ අවස්ථාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : ශ්‍රී ලාංකික ව්‍යාපාරික...

යාපනය – පලාලි ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීම පිළිබද විශේෂ සාකච්ජාවක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : ආරක්ෂක අංශයේ ඇතුළු...

එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද විමසීම අද (13)..

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු රජයේ කටයුතු...

පෙනේ ලස්සනට නොවන බව පෙන්විමට නයාට අවස්ථාවක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: ක්‍රීඩකයා රාජ්‍යතාන්ත්‍රික වගකීමකින් බැදී...