සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 13: Nvidia ඔත්තු බැලීමේ වංචාව සම්බන්ධයෙන් ක්රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් ඇමරිකානු වාණිජ ලේකම් හොවාර්ඩ් ලට්නික් ධුරයෙන් ඉවත් කිරීමේ හැකියාව පිළිබඳව ධවල මන්දිරය මේ වන විට අවධානය යොමුකර ඇති බව කියැවේ.
මෙම අර්බුදයට ප්රධාන හේතුව වී ඇත්තේ ලොව ප්රමුඛතම තාක්ෂණික සමාගමක් වන Nvidia හි ප්රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවාං සහ චීන බුද්ධි අංශ සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට සැක කෙරෙන Megaspeed සමාගමේ හිටපු විධායක නිලධාරිනියක අතර පැවති බව කියන සමීප සබඳතාවයි.

ඇමරිකානු බලධාරීන්ගේ අවධානයට ලක්ව ඇති Megaspeed සමාගම, Nvidia හි උසස් කෘත්රිම බුද්ධි චිප්ස් චීනය වෙත නීතිවිරෝධී ලෙස යොමු කළේද යන්න පිළිබඳව ද විමර්ශනයට ලක්ව තිබේ. එවැනි සැකයන් මතුව තිබියදීත්, Megaspeed සමාගම ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ආයතන ඇතුළත් වෙළෙඳ සීමා ලැයිස්තුවට ඇතුළත් කිරීම ප්රමාද කිරීම සම්බන්ධයෙන් මෙහිදී ලට්නික්ට චෝදනා එල්ල වී ඇත.
මේ අතර, ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් මෙම කරුණු සම්බන්ධයෙන් ලට්නික්ගෙන් ප්රශ්න කර ඇති බව ද වාර්තා වේ. කෙසේ වෙතත්, ලට්නික්ගේ ධුරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන තිබේද යන්න මෙතෙක් පැහැදිලි නොමැති අතර ජෙන්සන් හුවාං මේ වන විට Nvidiaහි සියලුම තනතුරු වලින් ඉල්ලා අස්වී තිබේ.

