පළාත් ආණ්ඩුකාරවරුන් පත්කිරීම ගැන පොහොට්ටු – එජාප එකඟතාවක්

0
681

පළාත් සභා සඳහා ආණ්ඩුකාරවරුන් පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර එකඟතාවක් ඇතිවී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව, ආණ්ඩුකාර ධුර 9න් 5ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් 4ක් එක්සත් ජාතික පක්ෂයටත් වශයෙන් බෙදීයන පරිදි එම පත්කිරීම් සිදුකිරීමට නියමිත බව සඳහන්.

මෙම යෝජනාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එතරම් කැමැත්තක් දක්වා නොමැති වුවත් අවසානයේදී යම් එකඟතාවකට පැමිණ ඇති අතර නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම නුදුරේදීම සිදුකෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

RN