කේවට්ට උපදෙසට නො’නැමුණු ඇමතිට රගර් ක්‍රීඩකයෝ ගෞරවය දක්වති

Date:

ශ්‍රී ලංකා රගර් කණ්ඩායම වෙත ශ්‍රී ලංකාවේම ඇතැම් අයගේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක ආසියාතික තහනම යම් දුරකට ඉවත් කිරීමට ක්‍රීඩාව වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා සහ ජාතික ඔලිම්පික් කමිටුව ගත් තීරණයට සාධාරණය ඉටු කරන්නට අද (නොවැම්බර් 12) ශ්‍රී ලංකා පිරිමි රගර් ක්‍රීඩකයින් සමත් වුණා.මෙවර ආසියාතික සත් සාමාජික රගර් තරගාවලියට පිවිසෙන්නට ලැබණු පළමු අවස්ථාවේදී ම ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම තරගාවලියේ පළමු දිනය නිමා කළේ මුල් කණ්ඩායම් හතරට පිවිසෙමින් සූරතාවය සඳහා තරග කරන්නට සුදුසුකම් ලබමින්.
ආසියාතික රගර් තහනම සම්බන්ධයෙන් ආසියාතික රගර් පරිපාලනයට අදහස් දැක් වූ ජාතික ඔලිම්පික් කමිටුව, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නීති රීතිවලට අනුව එය වැරදි බව මෙන්ම ශ්‍රී ලංකාවේ නීතියට අනුව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා පැනවූ නඩුවේ වාරණ තීරණය ලිහිල් කර නීතිමය බාධක ඉවත් කර වැඩ කිරීමට අවසර දි තිබියදී,එය නොසළකා සිටීම වැරදි බව පෙන්වා දුන්නා.එම කරුණු ඔස්සේම ක්‍රීඩා අමාත්‍යවරයා ද සාකච්ඡා කිරීමෙන් ඉනික්බිති මෙවර තරගාවලියේ දොරටු විවර කරමින් ජාතික ඔලිම්පික් කමිටුවේ ධජය යටතේ ක්‍රීඩා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අවසර ලැබුණා.අධිකරණයේ අවසරය අනුව පැවති නිලවරණය වෙනුවෙන් පෙනි සිටීමට නොහැකි වූ ඇතැම් නිලධාරීන් ක්‍රීඩාවේ තමන්ට පැවරී ඇති වගකීම ද හැල්ලු කරමින් නැවත වරක් මෙම තරගාවලියට බාධාවන අයුරෙන් කටයුතු කරන්නට ක්‍රීඩා අමාත්‍යවරයාට කරුණු දැක්වුව ද,කේවටිට උපදෙස් නොතකා ක්‍රීඩාව වෙනුවෙන් රගර් කණ්ඩායම තරගාවලිය සඳහා සහභාගි කරවීමට අමාත්‍යංශයෙන් මූලිකත්වය ගෙන අනුග්‍රහය ලබා දෙන්නට ද කටයුතු කරනු ලැබීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා ලැබිය යුතු ගෞරවය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ජයග්‍රහණයන්ගෙන් හිමි වුණා.
ඒ අනුව තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම තායිලන්තයේදි ආසියාතික සත් සාමාජික සූරතාවයක්ද රැඟෙන තරගාවලියට එක්වන හොං කොං කණ්ඩායම සමඟ තරගයේදී දුර්වල ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරමින් ලකුණු 40 – 0 ක් සේ විශාල පරාජයකට මුහුණ දුන්නා.ප්‍රබල කණ්ඩායමක් හමුවේ පරාජය වීම සාමාන්‍යයෙන් සිඳුවිය හැකි වුව ද,මේ තරගයේ ප්‍රතිපලය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාසය තදින්ම බලපෑවා.විශේෂය තමන් වෙත යොමුවන පන්දුව ආරක්ෂිතව රැක ගැනීමේ දුර්වලතා පවා දැඩිව දකින්නට ලැබුණා.
නමුත් දෙවන සහ තෙවන තරගවලදී ඒ දුර්වලතා බොහෝ දුරට අඩු කර ගත් ශ්‍රී ලංකා ක්‍රඩකයින් තමන් තරග වඳින කාණ්ඩයේ දෙවන තැනට පත්වෙමින් චීනය සහ එක්සත් අරාබී එමීර් රාජ්‍යය පරායට පත් කරා.ආසියාතික සම්මේලන සභාපතිවරයා අයත් දේශය නියෝජනය කරන එක්සත් අරාබී එමීර් රාජ්‍යය කණ්ඩායම විදෙස් මුසුවකින් ශක්තිමත් කර තිබුණ ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එම දැවන්ත ශරීර කූඩු අභබවා යමින් සත් සාමාජික රගර් ක්‍රීඩාවේ වැදගත් අනන්‍යතාවයක් වන වේගවත් බවින් මෙන්ම උපායශීලි බාධා කිරීම්වලින් අරාබී කණ්ඩායම අභිබවා සිටියා.
ලකුණු 26 – 14 ක් සේ සටහන් වූ ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය වෙනුවෙන් චතුර සෙනවිරත්න,තරින්ද රත්වත්ත උථ්සාහක දිණුම් ලබා ගනිමින් ද,ඒවා ප්‍රවර්ථන බවට පත් කරමින්ද ලකුණු පූවරුව ඉහළට රැඟෙන යන්නට දායක වුණා.අංජුල හෙට්ටිආරච්චි සහ ශ්‍රීනාත් සූරියබණඩාර උත්සාහක දිණුම් දෙකක් ලබා ගත් අතර ඉන් එක් උත්සාහක දිණුමක ප්‍රවර්ථනය සාර්ථක කර ගන්නට මිතුන් හපුගොඩ සමත් වුණා.
තෙවන තරගයේදී චීනය පරාජයට පත් වුණේ 21 – 19 ක් ලෙසයි.ශ්‍රී ලංකාව තරගයේ අවසාන තත්පරයේ 21 – 12 ක් සේ ලකුණු පරතරය තබාගෙන සිටියදී උථ්සාහක දිණුම් සීමාවේ සිඳුවු වරදකට දඩුවමක් සේ චීනයට පෙනල්ටි ට්‍රයි යනුවෙන් හඳුන්වන සහන ලකුණු හතක් ලැබුණා.එම තරගයේදී තරින්ද රත්වත්ත සහ ශ්‍රීනාත් සූරියභන්ඩාර උථ්සාහක ලකුණකින් සහ එවායේ ප්‍රවර්ථන සාර්ථක කර ගනිමින් ද ශ්‍රී ලංකා ලකුණු පූවරුව ඉහළ නංවන්නට දායක වුණා.අදීශ හෙට්ටිආරච්චිද උත්සාහක දිණුමකින් ලකුණු ලබා දුන් අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරන්නට මිතුන් හපුගොඩ එක් වුණා.
පළමු තරගයේදී කණ්ඩායමේ නො’තිබුණු සංවිධානාත්මක බව මෙන්ම සහ සමබන්ධීකරණ අවබෝධය දෙවන සහ තෙවන තරග වන විට නිවැරදි කර ගෙන තිබුණා.ශ්‍රී ලංකාවේ වේගවත් බව පැසසුමට ලක් කරන අතරේම ක්‍රීඩාවිචාරකයන්ගේ අදහස වූයේ එම වේගය ඔප මට්ටම් වීම සඳහා ප්‍රමාණවත් ජාත්‍යන්තර තරග අත්දැකීම් ශ්‍රී ලංකාවට හිඟ වීමේ අර්බූදය යි.සත් සාරාජික රග්ර් කේෂ්ත්‍රයේ පැහැදිළි අනාගතයක් දක්නට තිබෙන බවට නිදසුන් ඉදිරිපත් කරමින් සිටින ශ්‍රී ලංකා රගර් කණ්ඩායමට තව තවත් ජාත්‍යන්තර සත් සාමාජික තරග අවස්ථා මෙන්ම ඔවුන්ට තරගකාරි විදේශ අත්දැකීම් ලබා ගැනීමට මෙන්ම වෘත්තීයමය වටිනාකමක් එකතුවන සේ අවස්ථා ලබා දීම කෙරෙහිත් අවධානය යොමු විය යුතුයි.
මේ අතර කාන්තා කණ්ඩායමට දක්ෂතා අතරට ඒමට නොහැකි වූ අතර විශේෂයෙන්ම ශෘරිරිකව ශක්තියෙන්ද,වේගයෙන්ද ඔවුන් පසුපසින් සිටින බව පැහැදිළි වුණා.සාලිය කුමාර දක්වා කණ්ඩායම ඒමට පෙර එහි සංයුතිය සමාජමය වශයෙන් කාන්තා රගර් හී විකාශය සමඟ සම්බන්ධව වෙනස් විය යුතු බව මෙහිදී හොඳින් පැහැදිළි වුණා.පාසල් මට්ටමෙන් දක්ෂ ක්‍රීඩිකාවන් තෝරා ගැනිම මෙන්ම මුල් ප්‍රවේශයේ පුහුණුකාරීත්වයෙන් ලැබෙන දැණුම සහ සහයෝගයේ ප්‍රමාණය වඩා පුළුල් කර වැඩි ශක්‍යතාවයිකින් යුතු ක්‍රිඩිකාවක් ජාතික කණ්ඩායමට රැගෙන එන්නට වැඩ පිළිවෙලක් සකස් කළ යුතු බව මෙහිදී පැහැදිළි වුණා.
ඉතා සීමිත පිරිසකට පමණක් හිමි ක්‍රීඩාවක් සේ ජාතික නියෝජනයට ලැබෙන අවස්ථාව, සිය දක්ෂතා වැඩි දියුණු කර ගැනීමෙන් ප්‍රයෝජනයට ගැනීමේ උවමනාව මෙහිදි ක්‍රීඩිකාවන් අවබෝධ කර ගත යුතුයි.ජාතික නියෝජනය යන්න සාපේක්ෂ තත්ත්වයක් මිස සමාන තත්ත්වයක් නොවන බව තේරුම් ගෙන ක්‍රියා කර සමාන තත්ත්වයක් ඇති කර ගැනීමට ක්‍රීඩිකාවන් තව බොහෝ වෙහෙසිය යුතු බව මෙහිදී දැක ගන්නට ලැබුණා.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ වන විට ප තිවාදින්ට එරෙහිව කිසිඳු ලකුණක් වාර්තා කර නොමැති අතර ඔවුන් චීනය ඉදිරියේ ලකුණු 55 – 0 ක් ලෙසත්,හොංකොං ඉදිරියේ 47 – 0 ක් ලෙසත් පරාජයට පත් වුණා.කසකස්තාන තරගයේදීත් ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන්ට එකඳු ලකුණක් හෝ නොදී කසකස්තානය ලකුණු 46 ක් රැස් කරන්නට සමත් වුණා.
හෙට මුල් කණ්ඩායම් හතර අතර පැවත්වෙන තරගයේදී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සත්කාරක දකුණු කොරියාව හමුවීමට නියමිතයි.පළිහ තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරග කරන්නේ මැලේසියාවට එරෙහිවය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...