*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 11/13

1. ICC ප්‍රධාන තරග තීරක රංජන් මඩුගල්ල සහ ICC Elite Panel විනිසුරු කුමාර ධර්මසේන, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද පැවැත්වෙන පකිස්ථානය සහ එංගලන්තය අතර T20 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී තරඟ තීරක සහ පිටියේ විනිසුරු ලෙස කටයුතු කිරීමට නියමිතය.

2. මහජන මුදල් සොරකම් කළ පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට සමඟි ජන බලවේගයේ පාලනයකින් යුත් “ස්වාධීන ආයතනයක්” පිහිටුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.

3. නොවැම්බර් 11 වන දින රු. බිලියන 130ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියෙන් ලැබී ඇත්තේ රු. බිලියන 49ක් පමණි – වසර 2ක රු. බිලියන 50ක බැඳුම්කර පිරිනැමී, රු. බිලියන 9ක් (සියයට 33.01 ක්) පිළිගැණිනි – වසර 5ක රු. බිලියන 40ක බැඳුම්කර  පිරිනැමී, පිළිගැනීම් නැත – වසර 10ක රු. බිලියන 40ක බැඳුම්කර පිරිනැමී, සම්පූර්ණ මුදලින් සියයට 30.86 පිළිගැණිනි – දේශීය ණය අවදානම තීරණාත්මක මට්ටම්වල!

4. විශ්‍රාම යන රජයේ සේවකයන්ට පාරිතෝෂිත දීමනා ගෙවීම සඳහා මුදල් නිකුත් කිරීමේ ප්‍රමාදය විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස් පිළිගනී! – පොරොත්තු ලේඛනයේ විශාල පිරිසක් සිටින බව ද ප්‍රකාශ කරයි.

5. 2021 දෙසැම්බර් අවසානයේ සේවක අර්ථසාධක අමුදලේ ලැයිස්තුගත කළඹවල වෙළඳපල වටිනාකම, රු. බිලියන 84 ක පිරිවැයට සාපේක්ෂව රු. බිලියන 112 ක් බව මහ බැංකුව ප්‍රකාශ කරයි – ලබානොගත් ලාභය රු. බිලියන 28 – ලාභාංශ සහ ප්‍රාග්ධන ලාභය රු. බිලියන 4.7 – “ලැයිස්තුගත නොකළ” සමකොටස් කළඹ, 2019 සිට 2021 දක්වා, රු. බිලියන 2.5 ක ලාභාංශ ලබා දුන් රු. බිලියන 9.6 කි.

6. රට “බංකොලොත්” කාණ්ඩයට ඇතුළත් කර ඇති පසුබිමක, සේවක ඉතිරිකිරීම් රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කිරීමට එරෙහිව, ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ නැවත වරක් සේවක අර්ථසාධක අරමුදලේ නිලධාරීන්ට අනතුරු අඟවයි – රු. බිලියන 3,500 කට ආසන්න මුදලක් රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කර ඇති බවත්, එය දැන් විශාල පැහැර හැරීමේ අවදානමක් නිර්මාණයකර ඇති බවත් අවධාරණය කරයි.

7. ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා “තාක්ෂණික සහය” ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව එකඟ වී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

8. හිටපු රාජ්‍ය අමාත්‍ය සහ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් “ආර්ථික ඝාතකයන් මැද” නම් ග්‍රන්ථය ප්‍රකාශයට පත් කරයි – ජාතිය බංකොලොත් කර යටත් කර ගැනීමේ කුමන්ත්‍රණය හෙළි කරයි – “බංකොලොත්භාවය” අවශ්‍ය අනුමැතියකින් තොරව පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් ප්‍රකාශයට පත් කරන ලද බව චෝදනා කරයි – ණය පැහැර හැරීම නිවේදනය කරන අවස්ථාවේ ඇමරිකානු ඩොලර් බිලියන 10.7 ක් ලබා දෙන pipeline ආකාරයේ මුදල් ගලා ඒම් පිළිබඳ විස්තර හෙළි කරයි.

9. ව්‍යාපාරික කාන්තාවක් වන තිළිණි ප්‍රියමාලි විසින් සිදුකළ බව කියන මුල්‍ය වංචාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගෙන් ප්‍රකාශයක් සටහන් කර ගනී!

10. වන අලි කඩාවැදීම්වලට ලක්වන ගම්මානවලින් ලැබෙන හදිසි ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාණවත් වනජීවී නිලධාරීන් නොමැති බව වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් චන්දන සූරියබණ්ඩාර ප්‍රකාශ කරයි – වනජීවී නිලධාරීන් සිටින්නේ 1000ක් පමණ බව ද අනාවරණය කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan