2023 අයවැය..

Date:

සුබසාධනය ඉලක්ක කර ගත් අයවැයක් හෙට එනම් 2022.11.14 දින පාර්ලිමේන්තුව හමුවට ගෙන එන බව මුදල් රාජ්‍ය අමත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මෙවර වැඩිම මුදලක් වෙන් වන්නේ සමාජ ආරක්ෂණය සඳහා වූ වැය ශීර්ෂයට බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කිරීමේ සමාරම්භක කථාව හෙට ප.ව. 1.30 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අයවැය දෙවන වර කියවීම නොවැම්බර් 15 වනදා ආරම්භ වේ. අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 22 දා පස්වරු 5.00 සිදුකිරීමට නියමිතයි.

අයවැය තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම පැත්වෙන්නේ දෙසැම්බර් 08 වනදාය. මෙවර අයවැයේ සමස්ත වියදම රුපියල් බිලියන 7,885කි. එය පසුගිය වසර සඳහා ඇස්තමේන්මේන්තු කළ රුපියල් බිලියන 6,100 ට වඩා රුපියල් බිලියන 1,785 ක වැඩිවීමක්. එය ප්‍රතිශතයක් ලෙස 29.2%ක් වේ.

මෙවර අයවැයෙන් වැඩිම වැය ශීර්ෂය වෙන්කර ඇත්තේ සමාජ ආරක්ෂණය සඳහාය. එම මුදල රුපියල් බිලියන 572 කි. පවුල් ලක්ෂ 68 න් ලක්ෂ 40 ක් ජීවත් වීම සඳහා රජයෙන් ආධාර ඉල්ලා සිටින පසුබිමක මෙම මුදල ඇස්තමේන්තු කර තිබේ .

◾ සෞඛ්‍ය සඳහා රුපියල් බිලියන 432
◾අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 504
◾ ආරක්ෂක වියදම් ලෙස රුපියල් බිලියන 367

අයවැයෙන් ඇස්තමේන්තු කර ඇත.

වැදගත්ම දේ ණය වාරික සහ පොළී සඳහා රුපියල් බිලියන 4,218ක විශාල වියදමක් කිරීමට සිදුව ඇති බවත් ,ජනතා මූලික අවශ්‍යතාවය මුල්කරගත් අයවැයක් ඉදිරිපත් කිරීමට ප්‍රධාන බලාපොරොත්තුව බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

රෂිකා හෙන්නායක
2022.11.13

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...