*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයක් (KDU) කුරුණෑගල පිහිටුවීමට රජයේ තීරණයක්!

බොහෝ දේශීය සිසුන් හට විනයගරුක අධ්‍යාපනයක් සමඟ නායකත්ව කුසලතා වර්ධනය කර ගැනීමට අනගි පිටුවහලක් වන බැවින් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට (KDU) සිසුන් බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වනු ලබති. එම නිසාම සිවිල් විෂය ධාරාව සඳහා තවත් විශ්ව විද්‍යාල මණ්ඩපයක් කුරුණෑගලදී ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත.

ප්‍රධාන වශයෙන් සිවිල් විෂයයන් සඳහා වන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙහි (KDU) තවත් අනු විශ්ව විද්‍යාලයක් කුරුණෑගලදී ආරම්භ කිරීමට සොයා බලන ලෙස තමා මුදල් අමාත්‍යාංශයට සහ ආරක්ෂක ලේකම්වරයාට උපදෙස් දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනාවරණය කළේය.

1931 ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා නියෝජනය කළ මැතිවරණ කොට්ඨාශය එය බැවින් කුරුණෑගල තෝරා ගැනීමට හේතුව බව පැහැදිලි කළ ඒ මහතා එහි ප්‍රතිලාභය කුරුණෑගල ජනතාවටම හිමිවීම සුදුසු බව තවදුරටත් කියාසිටියේය. එමෙන්ම කුරුණෑගල රෝහල ශික්ෂණ රෝහලක් ලෙස උසස් කිරීම සඳහා මුදල් වෙන් කරන ලෙස භාණ්ඩාගාරයට දැනටමත් උපදෙස් දී ඇති බවත් ජනපති අමතර වශයෙන් පැහැදිලි කළේය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (KDU) මේ සතියේ පැවති සාමාන්‍ය උපාධි ප්‍රදානෝත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙම කරුණු අනාවරණය කළේය.

ජනතාවට හිතකර ශික්ෂණ රෝහල් එකකට වඩා ඇති ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක දෙකෙන් එකක් බවට වයඹ පත් කරන බව ඔහු සඳහන් කළේය.

නමුත් සිවිල් අධ්‍යයනයට වඩා රජය විසින් වඩාත් සැලකිලිමත් විය යුත්තේ රටේ අනාගතය, ආරක්ෂාව සම්බන්ධයෙන් අනාගතය කෙසේ වේවිද සහ විශ්වවිද්‍යාලය මගින් එහිදී ඉටු කිරීමට යන කාර්ය භාරය පිළිබඳව බව ජනාධිපතිවරයා මෙහිදී විශේෂයෙන්ම කියා සිටියේය.

මධ්‍යම මට්ටමේ නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද පශ්චාත් උපාධි අධ්‍යාපනය ලබා ගැනීම සහතික කිරීමට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU)සිය උත්සාහයන් ඉහළ නංවා ඇති බව ඔහු විශේෂ ලෙස සඳහන් කළේය.

ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ කැපී පෙනෙන එක් අරමුණක් වන්නේ ඉහළ නායකත්වය සහ මධ්‍යම නායකත්වය යන සියල්ලන්ම උගත් බව සහතික කිරීම සහ ඔවුන්ගේ නායකත්ව මට්ටම ඉහළ නැංවීම සහතික කිරීම වන අතර එමඟින් අධ්‍යාපනය ලබන සෑම සිසුවෙකුටම කලාපයේ හොඳම හමුදා නායකත්වයක් යටතේ වැඩකටයුතු සිදු කළ හැකිය. ඒ අනුව එය අභියෝගාත්මක සහ ඉටුකළ යුතුම කාර්යයක් බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ඉහළ තරඟකාරී සහ අපනයනයට නැඹුරු ආර්ථිකයක් දෙස රට බලා සිටින බැවින් ආරක්ෂක ප්‍රතිපාදන වැඩි කිරීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසයි.

අනාගතයේ රට මුහුණ පාන තර්ජනවලට මුහුණදීම සඳහා ත්‍රිවිධ හමුදාව සූදානම් කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ (KDU) සාමාන්‍ය උපාධි ප්‍රදානෝත්සවය අමතමින් අවධාරණය කළේය.

රටේ යහපැවැත්මට ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂක කුසලතා සහ උපාය මාර්ගික කුසලතා ප්‍රයෝජනයට ගත යුතු බවත් ඔහු සඳහන් කළේය. තවද පිටස්තරයන්ගේ ක්‍රියාවලින් විශාල බලපෑමක් එල්ලවන ශ්‍රී ලංකාව වැනි රටක නාවික අයිතිය, ලංකාවට පැමිණීමේ සහ මුහුදෙන් යාමට ඇති අයිතිය හා ගුවනේ අයිතිය තහවුරු කර ගැනීමට නම් දේශපාලන කුසලතා, රාජ්‍යතාන්ත්‍රික කුසලතා සහ අපගේ හමුදා කුසලතා සියල්ල අප සතුව තිබිය යුතු බව ජනාධිපතිවරයාගේ මතයයි.

ඕවින්දි විෂ්මිකා

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan