විදුලි බිල ගැන සුභ ආරංචියක්!

Date:

කොළඹ LNW: වර්ෂාව සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් විදුලිය ජාතික නිෂ්පාදනයෙන් 52%ක් ජලයෙන් නිපදවීමට හැකි වී තිබෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක විදුලි ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පවසන්නේ මෙම තත්ත්වය ඉදිරියටත් පවත්වාගෙන යාමට හැකි වුවහොත් ඊළඟ විදුලි බිල සංශෝධනයේදී ජනතාවට සහනයක් ලබාදීමට හැකිවනු ඇති බවයි.

මේ වන විට විදුලි බලාගාර ආශ්‍රිතව හොද වර්ෂාපතනයක් ලැබෙමින් තිබෙන බව ඔහු කියා සිටියි.

”පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය 78% නිශ්පාදනය කළා. මේ වෙද්දී ජලය මඟින් විදුලි නිෂ්පාදනය උපරිමයෙන් කළමණාකරනය කරනවා. ජනවාරි ගිගාවොට් 1000 වැඩි ප්‍රමාණයක් ලබාගන්න බලාපොරොත්තු වෙනවා. දැනටමත් ජාතික විදුලි නිෂ්පාදිතයෙන් 52%ක් ජලයෙන් නිපදවන්න හැකිවෙලා තියෙනවා. එය හොඳ තත්ත්වයක්. සැප්තැම්බර් වියළි කාළගුණයක් තිබුණේ. මේ සමඟ විදුලිය දෙන්න බිලියන 18ක මුදලක් අවශ්‍ය වුණා. ඒ නිසයි මිල වැඩි කළේ. ඉදිරි මිල සංශෝධනය සමග මේ වාසිය ජනතාවට ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් නොයෙල් ප්‍රියන්ත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂට CIDයෙන් කැඳවීමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...