විදුලි බිල ගැන සුභ ආරංචියක්!

Date:

කොළඹ LNW: වර්ෂාව සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් විදුලිය ජාතික නිෂ්පාදනයෙන් 52%ක් ජලයෙන් නිපදවීමට හැකි වී තිබෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක විදුලි ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පවසන්නේ මෙම තත්ත්වය ඉදිරියටත් පවත්වාගෙන යාමට හැකි වුවහොත් ඊළඟ විදුලි බිල සංශෝධනයේදී ජනතාවට සහනයක් ලබාදීමට හැකිවනු ඇති බවයි.

මේ වන විට විදුලි බලාගාර ආශ්‍රිතව හොද වර්ෂාපතනයක් ලැබෙමින් තිබෙන බව ඔහු කියා සිටියි.

”පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය 78% නිශ්පාදනය කළා. මේ වෙද්දී ජලය මඟින් විදුලි නිෂ්පාදනය උපරිමයෙන් කළමණාකරනය කරනවා. ජනවාරි ගිගාවොට් 1000 වැඩි ප්‍රමාණයක් ලබාගන්න බලාපොරොත්තු වෙනවා. දැනටමත් ජාතික විදුලි නිෂ්පාදිතයෙන් 52%ක් ජලයෙන් නිපදවන්න හැකිවෙලා තියෙනවා. එය හොඳ තත්ත්වයක්. සැප්තැම්බර් වියළි කාළගුණයක් තිබුණේ. මේ සමඟ විදුලිය දෙන්න බිලියන 18ක මුදලක් අවශ්‍ය වුණා. ඒ නිසයි මිල වැඩි කළේ. ඉදිරි මිල සංශෝධනය සමග මේ වාසිය ජනතාවට ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් නොයෙල් ප්‍රියන්ත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...