රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ (LNW):
මේ වනවිට පැවත්වෙන 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ, ඡන්ද පත්‍රිකාව හෝ ඡන්දය සලකුණු කරන අවස්ථාව ඡායාරූප ගත කිරීමෙන් වළකින්නැයි මැතිවරණ කොමිසම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කර සිටී.
එවැනි ඡායාරූප හෝ වීඩියෝ සමාජ මාධ්‍යවල පළ කිරීමෙන් වළකින ලෙසත්,මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් සේ සළකා එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද, කොමිසම නිවේදනය කළේ ය.