රෂිකා හෙන්නායක නොවැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ධවල මන්දිරයේදී අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ජනපතිවරණ ඡන්ද විමසීමෙන් තේරී පත්වූ ඩොනල්ඩ් ට්රම්ප් අතර හමුවක් පවත්වා තිබේ.
ජනපති පුටුවට ඔහු සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එහිදී ජෝ බයිඩන් විසින් ඩොනල්ඩ් ට්රම්ප්ට සුබ පැතුම් පිරිනමා තිබුණි.
පසුගිය ජූලි මාසයේදි අමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ජෝ බයිඩන් ඉවත් වූ අතර,ඔහු වෙනුවෙන් ඊට ඉදිරිපත් වුණේ, කමලා හැරිස් ය. එහිදී ඩොනල්ඩ් ට්රම්ප්, බහුතර බලයක් දිනා ගනිමින් යළි අමෙරිකානු ජනාධිපති ධුරයට පත්වූ අතර, ලබන වසරේ ජනවාරී මාසයේ ඔහු එම ධුරයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.