චීනයේ වාර්ෂික නව බලශක්ති වාහන නිෂ්පාදනය මිලියන 10ක් ඉක්මවයි!

Date:

කොළඹ LNW:චීනයේ වාර්ෂික නව බලශක්ති වාහන නිෂ්පාදනය ප්‍රථම වරට මිලියන 10ක් ඉක්මවා තිබෙනවා.

ඒ අනුව වාර්ෂිකව නව බලශක්ති වාහන මිලියන 10ක් නිෂ්පාදනය කරන ලොව පළමු රට බවට චීනය පත්ව ඇති බව චීන මෝටර් රථ නිෂ්පාදකයින්ගේ සංගමය අද(14) ප්‍රකාශ කළා.

දත්තවලට අනුව, චීනයේ නව බලශක්ති වාහන නිෂ්පාදනය සහ විකුණුම් සංඛ්‍යාන පද්ධතියට ඇතුළත් කළ පළමු වසර වන 2013දී, නිෂ්පාදන ඒකක ප්‍රමාණය සටහන් වූයේ 18000ක් ලෙසයි. 2018 වසරේදී වාර්ෂික නිෂ්පාදනය මිලියනයකට ළඟා වූ අතර 2022දී වාර්ෂික නිෂ්පාදනය මිලියන 5ක‍් ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වසරේ ප්‍රථම වරට නිෂ්පාදන ඒකක ප්‍රමාණය මිලියන 10 ඉක්මවා ගිය අතර මෙම වසර අවසන් වීමට මාස එකහමාරක් තිබියදී, පසුගිය වසරේ මුළු අගයට සාපේක්ෂව නිෂ්පාදනය 4.3% කින් වැඩි වීම ද විශේෂත්වයක්. එමෙන්ම මේ වසර අවසන් වන විට මෙම සංඛ්‍යාව මිලියන 12 ඉක්මවනු ඇතැයි විශේෂඥයෝ අනාවැකි පළ කරනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිනා සාගරයක ඔබ කිමිඳවන අපූරු වීඳි නිර්මාණ කිහිපයක් අදත් LNW තුළින්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  අහඹු හාස්‍යයේ සිට ප්‍රවේශමෙන්...

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...