නැඟී එන ආසියානු තරු අතරට කටාර් හී දී එක්වන ශ්‍රී ලංකා තරු

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 14, කොළඹ LNW:

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහභාගි වන කටාර් හී පැවත්වෙන ආසියාවේ නැඟී එන කණ්ඩායම් අතර තරගාවලියට කණ්ඩායම් අටක් අයත් වෙනවා.හොංකොං,එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානය මෙම තරගාවලියට ජාතික කණ්ඩායම් සහභාගි කළත්,ආසියාවේ ටෙස්ට් තත්ත්වය ඇති රටවල් සහභාගි කරවන්නේ එරට ජාතික කණ්ඩායම පසුව තිබෙන කණ්ඩායමයි.ඒ අනුව ශ්‍රී ලංකාව,ඉන්දියාව,බංගලාදේශය,ඇෆ්ගනිස්තානය සහ පකිස්තානය මේ තරගාවලියට ජාතික කණ්ඩායම් සහභාගි කරවන්නේ නැහැ.


තරගාවලිය අද ඕමානය සහ පකිස්තානය අතර තරගයකින් ආරම්භ වන අතර අදම ඉන්දීය ඒ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගයත් පැවත්වෙනවා.අද තරග වඳින කණ්ඩායම් හතර අයත් වන්නේ බී කොටසටයි. ඒ සහ බී ලෙස කොටස් දෙකකට කණ්ඩායම් අට බෙදා ඇති අතර ශ්‍රී ලංකාව අයත්වන්නේ ඒ කොටසටයි.හෙට ශ්‍රී ලංකාව ඇෆගනිස්තාන ඒ කණ්ඩායමත්,බංගලාදේශය ඒ කණ්ඩායම සහ හොංකොං කණ්ඩායමත් තරග වඳිනවා.
දුනිත් වෙල්ලාලගේ නායකත්වය දරන ශ්‍රී ලංකා කණ්ඩායම සිටින ඒ කාණ්ඩයේ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් තුනකම කණ්ඩායම් දකින්නට ලැබෙනවා.ටෙස්ට් තත්ත්වය නොමැති කණ්ඩායමක් හැටියට සිටින්නේ හොංකොං පමණයි.


මේ තත්ත්වය නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට මෙන්ම ටෙස්ට් ක්‍රීඩා කරන රටවල කණ්ඩායම් සියල්ලටම පාහේ වැඩි ජාත්‍යන්තර අත්දැකීම් ඇති,ප්‍රවීන ක්‍රිඩකයන් කිහිප දෙනෙකුගේ සහය කණ්ඩායමට ලබා ගැනීමට ඉඩ ලැබෙනවා.දුනිත් වෙල්ලාලගේ,මිලාන් රත්නායක,නුවනිඳු ප්‍රනාන්දු,ප්‍රමෝද් මධුශාන්,රමේෂ් මෙණ්ඩිස් වැනි ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන ප්‍රබලයන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වෙන ආකාරයටම අන් ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් ද ප්‍රබල අත්දැකීම් ඇති කිහිප දෙනෙකු කණ්ඩායමට යොදවන්න හැකියාව තිබෙනවා.ඒ නිසා මෙම තරගාවලිය ශ්‍රී ලංකාව මූලික නටයේ තරගවලට සහභාගි වන ඒ කාණ්ඩයේ තරගවල සිටම අභියෝගයකට මුහුණ දෙන්නට සිඳුවන තරගාවලියක් විය හැකියි.
පහතින් දැක්වෙන්නේ තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමයි.


දුනිත් වෙල්ලාලගේ – නායක
නිශාන් මධුෂ්ක
විශේන් හැලඹගේ
ලසිත් කෲස්පුල්ලේ
නුවනිදු ප්‍රනාන්දු
අහන් වික්‍රමසිංහ
සොහාන් ද ලිවේරා
සහන් ආරච්චිගේ
රමේෂ් මෙන්ඩිස්
විජයකාන්ත් වියස්කාන්ත්
ට්‍රවීන් මැතිව්
ප්‍රමෝද් මධුෂාන්
මිලාන් රත්නායක
ඉසිත විජේසුන්දර
ගරුක සංකේත
මෙහි ඡායාරූපයේ දක්වා ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම මුල් වටයේ තරග සඳහා සහභාගි වන ආකාරයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ අයවැය හාරන්න හාරන්න රත්තරන් මතුවෙන ආකරයක් වගේ – මාලිමා මන්ත්‍රී චමින්ද

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්...

ටයිටැනික් නෞකාවේ කුඩා මගී ඔරලෝසුවක් පවුම් මිලියනයකට මිල නියම කෙරේ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ටයිටැනික් නෞකාවේ...

පකිස්තානයේ බෝම්බ ලංකාවේ ක්‍රිකට්වලට අටවන්න හදන දේශපාලනය

නිශ්මං රණසිංහ නොවැම්බර් 14, කොළඹ LNW: බෝම්බ පිපිරීම නිසා මේ...

එක්සත් රාජධානියේ බිලියනපතියෙකු වන ජෝ ලුවිස්ට ට්‍රම්ප්ගෙන් සමාව

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ටොටන්හැම් හොට්ස්පර්...