ටයිටැනික් නෞකාවේ කුඩා මගී ඔරලෝසුවක් පවුම් මිලියනයකට මිල නියම කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම මගියෙකුගේ සාක්කුවෙන් සොයාගත් කුඩා රන් ඔරලොසුවක් වෙන්දේසියේදී පවුම් මිලියන 1 (ඩොලර් මිලියන 1.3) කට මිල නියම කෙරෙනු ඇති බව වාර්තා වේ.

1912 අප්‍රේල් 14 වන දින සවුත්හැම්ප්ටන් සිට නිව්යෝර්ක් බලා ගමන් කළ යාත්‍රාව අයිස් කුට්ටියක ගැටීමෙන් ගිලී ගිය 1,500 කට අධික පිරිස අතර ඉසිඩෝර් ස්ට්‍රෝස් සහ ඔහුගේ බිරිඳ අයිඩා ද වූහ. ව්‍යසනයෙන් දින කිහිපයකට පසු ඉසිඩෝර් ස්ට්‍රෝස්ගේ දේහය අත්ලාන්තික් සාගරයෙන් සොයා ගන්නා ලද අතර ඔහුගේ දේහයෙන් කැරට් 18 රන් ජූල්ස් ජර්ගන්සන් සාක්කු ඔරලෝසුවක් හමුව ඇත.

ටයිටැනික් නෞකාව රළ යටින් අතුරුදහන් වූ මොහොතේ, එනම් 02:20 ට සාක්කු ඔරලෝසුව නතර වී ඇති අතර මෙය ඔහුගේ බිරිඳ වන අයිඩා විසින් සිය සැමියාට ලබා දුන් තෑග්ගක් බව විශ්වාස කෙරේ,

ඔරලෝසුව මෙතෙක් අලෙවි වූ වඩාත්ම මිල අධික ටයිටැනික් කෞතුක වස්තු වලින් එකක් බවට පත්වීමට නියමිත වන අතර විල්ට්ෂයර් හි හෙන්රි ඕල්ඩ්‍රිජ් සහ පුත්‍රයාගේ වෙන්දේසිකරු ඇන්ඩෲ ඕල්ඩ්‍රිජ් ප්‍රකාශ කර තිබුණේ, ඔරලෝසුව විකිණීම පිළිබඳ පුවත දැනටමත් ලොව පුරා සිටින ගනුදෙනුකරුවන්ගෙන් සැලකිය යුතු උනන්දුවක් ජනිත කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ අයවැය හාරන්න හාරන්න රත්තරන් මතුවෙන ආකරයක් වගේ – මාලිමා මන්ත්‍රී චමින්ද

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්...

නැඟී එන ආසියානු තරු අතරට කටාර් හී දී එක්වන ශ්‍රී ලංකා තරු

නිශ්මං රණසිංහ නොවැම්බර් 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ඒ කණ්ඩායම...

පකිස්තානයේ බෝම්බ ලංකාවේ ක්‍රිකට්වලට අටවන්න හදන දේශපාලනය

නිශ්මං රණසිංහ නොවැම්බර් 14, කොළඹ LNW: බෝම්බ පිපිරීම නිසා මේ...

එක්සත් රාජධානියේ බිලියනපතියෙකු වන ජෝ ලුවිස්ට ට්‍රම්ප්ගෙන් සමාව

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ටොටන්හැම් හොට්ස්පර්...