සජිත් ඔයා කොන්ද කෙළින් තියාගෙන කියන්න වතුකම්කරුවන්ට 200 දෙනවට කැමතියිද? අකමැතියිද?

Date:

කොළඹ LNW:2026 අයවැය මඟින් වතු කම්කරු ජනතාවගේදෛනික වැටුප් වැඩි කිරීමට විපක්ෂය මේ වන විට එරෙහි වී සිටින අතර ඔවුන් පෙන්වා දෙමින් සිටින්නේ රජය මඟින් රු. 200ක් ලබා දීම නීත්‍යානුකූල නොවන බවයි.

පසුගිය කාලය පුරාම වතු කම්කරු ජනතාව සිය දෛනික වැටුප වැඩි කරන ලෙස බලපෑම් කළද පවතී ආණ්ඩුවලට එය සිදුකිරීමට හැකියාවක් නොලැබුණ නමුත් වත්මන් ආණ්ඩුව එම වැටුප් වැඩි කිරීම සිදුකිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් වන සංවාදය මේ දිනවල ඉතා තීව්‍ර වී තිබේ.

පාර්ලිමේන්තුවේ අයවැය දෙවනවර කියවීමේ විවාදය තුළද විශේෂ අවධානයක් යොමුව තිබෙන මෙම කාරණය සම්බන්ධයෙන් ඊයේ (13) පාර්ලිමේන්තුවේදී බදුල්ල දිස්ත්‍රික් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී දිනිදු සමන් හෙන්නායක මහතා මෙකී කරණය ගැන කරුණු පැහැදිලි කරමින් ප්‍රශ්න කර සිටියේ විපක්ෂයේ මන්ත්‍රීවරු විසින් ගෙන එන මෙම විරෝධය විපක්ෂයේ පොදු අදහසද යන්න කොන්ද කෙළින් තබාගෙන විපක්ෂ නායකයා පැහැදිලි කළ යුතු බවයි.

කෙසේවෙතත් කුමන අභියෝග පැමිණියද වතුකම්කරු ජනතාව වනුවෙන් රජය ලබාදෙන එම දීමනාව නතර නොකරන බවයි.

”අවුරුදු 200ක් තමන්ගේ රීරි මාංශ මේ රටට දියකරලා ඇරලා මේ රටට ඩොලර් උත්පාදනය කරන්න මහන්සි වෙලා එක කාමරයක් ඇතුලේ තමන්ගේ පවුල් ජිවිතය ගතකරන මිනිස්සු. මම මේ මන්ත්‍රීවරුන්ගෙන් අහනවා පොඩ්ඩක් ඇස්වහගෙන කල්පනා කරලා බලන්න අපට එහෙම ඉන්න පුළුවන්ද? අපට එහෙම ඉන්න බෑ. ඒතරම් පීඩිත මිනිස්සු ටිකක්. අපි විශ්වාස කළා ඒ මිනිස්සුන්ට ජීවිතය දෙන ඕනේ. අපි දැක්ක ඒ වුවමනාව වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා කරපු ප්‍රකාශය. ඔවුන්ට දැනට දෙන 1350ට අමතරව හාම්පුතුන්ගෙන් රු.200ක් සහ පැමිණීමේ දිරි දීමනාවක් විදිහට ආණ්ඩුවෙන් රු. 200ක් දෙන්න තීරණය කළා. කඳුකර ජනතාවට ජීවිතය දිය යුතු නිසා හැබැයි අද අපිට පේනවා ඒ රු. 200 දුන්නට පස්සේ කලබල වෙලා ඉන්නේ කවුද කියන එක. එක්සත් ජාතික පක්ෂයේ නායකයා රු ලක්ෂ 166ක් අරගෙන වියදම කළා ට්‍රිප් යන්න. නෝනගේ උපාධිය ගන්න යන්න. ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි එහෙම පාවිච්චි කරන්න පුළුවන් කියල මොර දීපු මේ විපක්ෂයේ ඉන්න අය දැන් මොකද කරන්නේ. ඊයේ මම දැක්කා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඇවිල්ලා නැගිටලා කතා කරලා කියනවා වතු ජනතාවට රු. 200 දීපු එක වැරදියි කියල. සජිත් ප්‍රේමදාස, විපක්ෂ නායකගේ මාධ්‍ය ප්‍රකාශක කියනවා වතු ජනතාවට රු. 200 දීපු එක වැරදියි කියල. අද මම දැක්ක සමාජ මාධ්‍ය ඇතුළේ රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය කියල තියෙනවා වතු ජනතාවට රු.200 දීම වැරදියි අල්ලස් හා දුෂණ කොමිෂන් සභාවට ගිහින් නඩු දානවා කියල. මම අහනවා විපක්ෂයේ ප්‍රතිපත්තිය මේකද? අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට ඔයගොල්ලෝ යන්න. රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමියට කියනවා අපි ආණ්ඩුවක් විදිහට කඳුකර ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් පෙනී ඉන්නවා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගෙන් අහනවා මේකද ඔයාගේ ස්ථාවරය. විපක්ෂයේ ස්ථාවරය විපක්ෂනායකතුමා කොන්ද කෙළින් තියාගෙන කියන්න මේකට කැමතියිද? අකමැතියිද? අලස් කොමිසමට ගිහින් පැමිණිලි කරන එකෙන් කියන්නේ මොකක්ද? කඳුකර ජනතාවට මේ රුපියල් 200 දෙන්න එපා කියල කියන්නේ. මේ රටේ මැයි දිනය තිබුණ දවස්වල කොළඹ මැයි දිනය කරගන්න බැරිවෙද්දී ඔය සජබේ රිංගුවේ ඔය UNP එක රිංගුවේ අර තලවකැලේට. බදුල්ලට. ඒ පැත්තේ ඉන්න අහිංසක කඳුකර ජනතාව ගෙනල්ල මැයි දිනය කළේ. ඔහොම නෙවෙයි කොහොම අභියෝග ආවත් අපි ආණ්ඩුවක් විදිහට රු. 200 දෙන එක නතර කරන්නේ නෑ.” යනුවෙන් මන්ත්‍රීවරයා අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Nature’s Best Photography Awards 2025 – ඇස් දකින්න පින් කළ යුතු පරිසරයේ සුන්දරත්වය කාචයෙන්!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): සෑම වසරකම, 2025...

අපි යන්නේ අරමුණකට. අපිත් එක්ක සෙල්ලම් ගෙවල් හදන්න ලෑස්ති වෙන්න එපා – ටිල්වින්

කොළඹ LNW:ජනතාවට මීට වඩා හොඳ සැපවත්,ප්‍රීතිමත් ජීවිතයක් අත්පත්කර දීම...