පාඩුයි පාඩුයි පාඩුයි – මරික්කාර්ට ඔක්කොම පාඩුයි!

Date:

කොළඹ LNW:පසුගිය වසරේ ලාභ ඉපයූ රජයේ සමාගම් මේ වසරේදී ලාභ පහත හෙළා ගෙන ඇති අතර ඇතැම් ආයතන පාඩු ලබා ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්.මරික්කාර් මහතා අද (14) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

ඉතා දක්ෂ වෘත්තීයවේදීන් පැමිණ ඉතිහාසයේ ප්‍රථම වරට එක රුපියලක්වත් හොරකම් නොකර පරිපාලනය කරන බව පැවසුවද මේ වන විට තත්ත්වය වෙනස් වී ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

”ගරු කථානායකතුමනි මෙන්න කෙරුවාව. ඒකයි මේ රාජ්‍ය ආයතන වහන්න කතාකරන්නේ. ගිය අවුරුද්දේ ලාභ ලබපු ආණ්ඩුවේ සමාගම්වල ලාභය අඩුවෙලා තියෙනවා. පාඩු ලබපු සමාගම්වල පාඩුව වැඩිවෙලා තියෙනවා. මම උදාහරණයක් කියන්නම් ITN නාලිකාව ගිය අවුරුද්දේ රුපියල් මිලියන 3ක් ප්‍රොෆිට්. මේ අවුරුද්දේ ITN සහ රූපවාහිනිය මිලියන 500ක් ලොස්ට්. මෙන්න වැඩ්ඩෝ. ලංකා විදුලිබල මණ්ඩලය මේ අවුරුද්දේ මිලියන 10700ක් පාඩුයි. සීනි සංස්ථාව මිලියන 2600ක් පාඩුයි. ඊළඟට ඖෂධ සංස්ථාව මිලියන 330ක් පාඩුයි. මුද්‍රණ සංස්ථාව මිලියන 640ක් පාඩුයි. ගුවන්විදුලිය මිලියන 310ක් පාඩුයි. මාර කදිරගාමර්ලා සෙට් එකකුයි ගෝලයෝ සෙට් එකයි. මට තව පෝලිමක් දෙන්න පුළුවන්. මම මේ උදාහරණ කීපයක් ගත්තේ.” යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...