*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

පාඩු ලබන රජයේ ප්‍රධාන ආයතන

2022 වසරේ මුල් මාස හතර තුළ රටේ ප්‍රධාන ආයතනයන්හි කාර්ය සාධනය පිළිබඳ තොරතුරු මුදල් අමාත්‍යාංශයේ තිබෙන අතර ඉන් ආයතන තුනක 2022 මුල් මාස හතරේ අලාභය පහතින් දැක්වේ.

  • ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව – රුපියල් මිලියන 628,381.
  • සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සමාගම – රුපියල් මිලියන 248,441.
  • ලංකා විදුලිබල මණ්ඩලය – රුපියල් මිලියන 47,190 .
  • ආයතන තුනේ 2022 පළමු මාස හතරේ අලාභ වල එකතුව – රුපියල් මිලියන 924,012.
  • අදාළ මාස හතරේ රජයේ බදු හා බදු නොවන ආදායම් හා ප්‍රදාන ලෙස ලැබුණු සියලු මුදල් එකතුව – රුපියල් මිලියන 631,129.
  • අදාළ මාස හතරේ පොලී ගෙවීම් හැර රජයේ සමස්ත වියදම – රුපියල් මිලියන 728,443
  • අදාළ මාස හතරේ පොලී ගෙවීම් – රුපියල් මිලියන 426,786.

ඉහත අලාභය සියල්ලටම වඩා වැඩිය. ලංවිම අයින් කරමින් ඉතිරි ආයතන දෙක පමණක් බැලුවද එහි වෙනසක් නැත.

තවත් පැහැදිලි කරනවානම්, ලංකාවේ ජීවත් වන පවුල් ගණන මිලියන 5.1ක්. රුපියල් මිලියන 924,012ක් යනු එක පවුලකට රුපියල් 180,000 බැගින් බෙදා දීමට ප්‍රමාණවත් මුදලකි.

පාඩු ලබමින් රාජ්‍ය ආයතන නඩත්තු කිරීම සාධාරණීකරනය කිරීමට විවිධ හේතු තිබීමට පුළුවන. ඒ හේතු මත මේ ආයතන පාඩු ලබමින් පවත්වා ගෙන යාම සහ අතට රුපියල් 180,000ක් ලැබෙන යන දෙක අතර තේරීමක් තිබුණහොත් කී දෙනෙකු තව දුරටත් මුල් අදහසේ දිගටම සිටීවිද..?

ඔය ආයතන පෞද්ගලීකරණය කළා වුවද පවුලකට අතට රුපියල් 180,000ක් නම් නොලැබේවි. එය ඉතා පැහැදිලිය. නමුත් එම ආයතන වල මාස හතරක පාඩුව පියවීමට පමණක් රජයට කුමන හෝ ආකාරයකින් එක පවුලකින් රුපියල් 180,000ක් එකතු කර ගැනීමට නම් සිදුවේවි.

විශේෂ දෙයක් වන්නේ තෙල් සංස්ථාව එවැනි දැවැන්ත පාඩුවක් ලබද්දී , ලංකා IOC සමාගම වසරේ පළමු මාස තුනේදී රුපියල් මිලියන 3,956 ක ලාබයක ලබා එයින් රුපියල් මිලියන 682ක් රජයට බදු ලෙස ගෙවා අවසන් වී ඇත.

රෂිකා හෙන්නායක
2022.11.14

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan