මේ අයවැය ලේඛනයේ වැරැද්දක් නෑ – රාජිත

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙවර අයවැය ලේඛනයේ වැරැද්දක් නොමැති බවත් , ඊයේ (13) ඉදිරිපත් වූ අයවැය එක්සත් ජාතික පක්ෂ අයවැයක් වන බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කියා සිටී. ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙම අය- වැයට විරුද්ධ විය හැක්කේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පමණක් බවයි.

ඔහු ඒ පිලිබඳ මෙසේද පවසීය,

“මේ අයවැය ලේඛනයේ වැරැද්දක් නෑ. මේකෙන් හැම කේෂ්ත්‍රයටම යම් ප්‍රතිපාදනයක් ලබාදීලා තියෙනවා. නමුත් පාර්ලිමේන්තු ඉතිහාසය බැලුවහම මෙවැනි අයවැය ලේඛන ගේනවා, මෙවැනි යෝජනා ගේනවා කීයෙන් කීයද ක්‍රියාත්මක වෙන්නේ. එතකොට වැදගත් වෙන්නේ මිනිස්සුන්ට යෝජනා නෙමෙයි. ඒවා ක්‍රියාත්මක වෙනවා ද කියන එක. අවසානයේ දී අවුරුද්ද අන්තිම වෙද්දි මේවා කොපමණ දුරට ක්‍රියාත්මක වෙනවා ද කියන එක තමා වැදගත්. ඉඩම් ගැන යෝජනාව මම 2002 දී ගෙනාවේ. ඒකම 2015 දී ගයන්ත මන්ත්‍රීතුමා ගෙනාවා. ඒ වගේම මේ බජට් එක UNP බජට් එකක්. මේකේ බොහෝ දේවල් UNP එකට කරන්න බැරි වුණ දේවල්. මේකට විරුද්ධ වෙන්න පුළුවන් වෙන්නේ පොහොට්ටුවේ අයට විතරයි.” ලෙස රාජිත සේනාරත්න මහතා කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවට ඇති රාජ්‍යය පිළිබඳ අභියෝගය

ජාතික ජන බලවේගය ආණ්ඩුව අවංකව ගෙනයාමට අතිමහත් උත්සාහයක් දරන...

ආපදාව සලකා ණය ගෙවීම අත්හිටුවන්න – පෙසප ආණ්ඩුවෙන් ඉල්ලයි (PHOTOS)

කොළඹ LNW:දිට්වා ආපදාව සලකා ණය ගෙවීම අත්හිටුවන ලෙස බලකරමින්...

ඇමරිකාව සහ යුරෝපා සබඳතා පළුදු වෙයිද?

රෂිකා හෙන්නායක ජනවාරි 24, කොළඹ LNW : ඇෆ්ගනිස්ථාන යුද්ධයේදී නේටෝ (NATO)...

Border 2 සාර්ථක ගමනක..

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Border 2 ගිය...