අය වැයතුල රෝගීන්ටත්, බහුතර සෞඛ්‍ය වෘත්තීයවේදීන්ටත් කිසිදු සහනයක් නෑ
නිදහස් සෞඛ්‍ය සේවාවේ ඉදිරි කප්පාදුව සඳහා වෛද්‍ය සංගමයට මානසික අල්ලස්
ලබන වසර සඳහා සෞඛ්‍ය සේවාව තුල 60%ක පමණ සැපයුම් වර්ගවල කප්පාදුවක්
නිදහස් සෞඛ්‍ය සේවාව හැකිලවීමේ කසකාරයා, අධ්‍යක්ෂක ජනරාල්ගේ චක්‍රලේඛය බව, අයවැය කථාවෙන් තහවුරු වෙනවා
අය වැය කථාව තුල ජානාධිපතිවරයා සෞඛ්‍ය සේවාව මුලුමනින්ම අතහැර සහ මගහැර කටයුතු කර තිබෙනවා. සෞඛ්‍ය සේවයේ රෝගීන්ට සහ බහුතර කාර්යමණඩලට අදාල බරපතල ගැටළු රැසකට විසඳුම් ඉල්ලා තිබියදී, ඒ වෙනුවට මහ පාරෙන් අහුලාගත් සටන්පාඨ කිහිපයකට පිළිතුරු දීම මගින් සෞඛ්‍ය සේවාවේ සැබෑ ගැටළුව පිළිබඳව අවබෝධයක් පවා නොමැති බව පැහැදිළිය. ඒ අතර, වෛද්‍ය සංගමය සඳහා පමණක් යම් යම් මානසික අල්ලස් දීම සඳහා පමණක් අය වැය කථාවේදී හිටි හැටියේ සෞඛ්‍ය සේවාව සිහිපත් කරන ලද්දේ, ඉදිරියේදී සෞඛ්‍ය සේවාව තුල සිදු කිරීමට නියමිත මහා පරිමාණ කප්පාදුවට සහයෝගය ලබා ගැනීම සදහාද යන බරපතල සැකය මතුවේ.
එසේම, ලබන වසර සඳහා ඖෂධ ඇතුළු සැපයුම් විශාල ප්‍රමාණයක් කප්පාදු කරමින්, අය වැයට පෙර සෞඛ්‍ය සේවාව සූදානම් කර තිබෙන ආකාරය අනුව, ඉදිරියේදී නිදහස් සෞඛ්‍ය සේවාව පවත්වා ගැනිම සඳහා රජයට ඇති අභිලාශය තවදුරත් තහවුරු කර ඇත.
ඊට අදාලව ලබන වසර සඳහා ඇනවුම් කල හැකි ඖෂධ, ශල්‍ය උපකරණ සහ රාසායනාගාර අවශ්‍යතා සැපයුම් අයිතම ප්‍රමාණය 60% කප්පාදුකර ඇත. එම කප්පාදුවට අනූව, ඖෂධ වර්ග 497 ක්, ශල්‍ය අයිතම වර්ග 5301ක් සහ රසායනාගාර උපකරණ සහ අනෙකුත් අයිතම 2219ක් සැපයුම් ලේඛණයෙන් ඉවත් කර ඇත. එම ප්‍රතිපත්තියට අනූව, ගෙවුණු වසරේදී ලැබුණු සෞඛ්‍ය සේවාවවත්, ඉදිරි වසරේදී රටේ මහජනතාවට නොලැබෙන බව ඉතා පැහැදිළිය.
ලබන වසර සඳහා සැලසුම් කර ඇති සෞඛ්‍ය සැපයුම් කප්පාදුව
අවම වශයෙන් මෙම සැපයුම් ලේඛණ කප්පාදු කිරීමේදී, එකී සැපයුම් වලින් 90%ක් පමණ තාක්ෂණිකව කළමනාකරණය කරනු ලබන පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් කිසිවෙකු සහභාගී කර නොගැනීම හරහා සෞඛ්‍ය අර්බුධයට අදාල පරිපාළණ විෂමතාවය ඉතා හොඳින් තහවුරු වී ඇති අතර, ඒ පිළිබඳව ලබා දී ඇති යෝජනා කිසිවකට හෝ ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී නොමැති බව අය වැය වර්ථාව මගින් තහවුරු කර තිබීම පිළිබඳව අප අතිශයින්ම කණගාටුවට පත් වන්නෙමු.
රවී කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය