*
Monday, December 9, 2024
spot_img

Latest Posts

උපත මත නොරැඳෙන ස්ත්‍රී පූරුෂ භාවය ක්‍රීඩාවේදීත් සුරැකෙයි.

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 15,(LNW) කොළඹ :

කාන්තාවන්ගේ ප්‍රධාන ලිංගික හෝමෝනය හැටියට ගණන් ගැනෙන්නේ ඊස්ට්‍රජන්ය.පිරිමින්ගේ නම් ටෙස්ටෝස්ටොරොන්ය.මෙම හෝමෝන මගින් ශරීරයේ ප්‍රධාන භෞතික හා මානසික වෙනස්කම් ඇතිවේ. ඊස්ට්‍රජන් කාන්තාවන්ගේ ප්‍රධාන ලිංගික හෝමෝනය වන අතර ශරීරයේ බහු ආකාරයේ විකසනයට සහාය දක්වයි.සිතුවිලි රටාවෙන් කාන්තාවක සේ සිතන පිරිමියෙකු භෞතිකව කාන්තාවක ලෙස පරිවර්ථනය කරන්නට ඒ සංක්‍රාන්ති අවස්ථාවේදී ලිංග විච්ඡේදනයක් හෝ ශල්‍යකර්මයකින් වෙනසක් කිරිමේ තත්ත්වයකට පෙර සිඳු කරන්නේ හෝමෝන ප්‍රතිකරම මඟින් පිරිමියා ගැහැණියකගේ ශරිර සහ මානසික තත්ත්වයට ගෙන ඒමය.


මේ ලිංග වෙනස්වීම සඳහා කරන ශල්‍යකර්ම වැනි දේ සමහර විට මිල අධික විය හැකිය.තවත් විටෙක එහි ජීවිත අවදානමක් ඇතැයි පසුබාන්නට ඉඩ ද ඉඩ ඇත.එහෙත් වෛද්‍ය විද්‍යාවේද සහය ඇතුව උපන් ලිංගයෙන්ම කෙනෙකුට වෙනත් ලිංගික අනන්‍යතාවයකින් ඊට අවශ්‍ය්‍ය විද්‍යාත්මක ප්‍රතිකර්ම මත,ශරීර හෝමෝනවල අනන්‍යතාවය මත ජීවත්වීමට හැකිය.ඊට අභියෝග කිරීම.පරිවර්ථනය වූ පුද්ගලයාව හෝ පරිවර්ථන අපේක්ෂාවක් ඇති පුද්ගලයාව ප්‍රතික්ෂේප කිරීම හෝ සිඳු කිරීම නූතණත්වය මෙන්ම දියුණු සමාජ භාවිතාවක් ලෙස ගත නොහැකිය.


පිරිමි ටෙස්ටොස්ටොරොන් ගැන කතාව ද,කාන්තා ඊස්ට්‍රජන් කතාවද සමය.(Estrogen
and Testosterone) කාන්තාවක පිරිමියෙකු ලෙස සංක්‍රාන්තියට ළඟා වෙද්දී ද එම හෝමෝන තත්ත්වය පිරිමි අනන්‍යතාවයක් ඇති කරන ආකාරයට පිරිමින්ගේ ශරීරයට ඇතුළත් කිරීම සිඳුවන්නේය.ඒ නිසා මේ මොහොතේ ලෝකයේ කාන්තාවක ලෙස අනන්‍යතාවය සහතික කිරීම හෝ පිරිමියෙකු ලෙස සහතික කිරීම සිඳුවන්නේ භාහිරෙන් පෙනෙන කාන්තා සහ පිරිමි ශාරරික ලක්ෂණවලින් නොවේය.එය ක්‍රීඩාවේදී වඩාත් විද්‍යාත්මකව සළකා බැලීමක් ඇති කර තිබෙන ආකාරයක් දැකිය හැකිය.


අපට බොහෝ විට ක්‍රීඩාවේදී හමුවන්නේ පිරිමි තත්ත්වය පෙන්වන ක්‍රීඩිකාවන්ය.බොහෝ විට ඒ හුමවීම් සිඳුවන විටත් ඔවුන්ව හඳුනාගෙන කාන්තා ඉසව් සඳහා අනන්‍යවන ආකාරයට හෝමෝන ප්‍රතිකාර ලබා ගනිමින් ඇත.එම හෝමෝන තත්ත්වයේ ටෙස්ටොස්ටොරෝන් ප්‍රතිශතය වැඩිවීමක් ඇත්නම් ඇයට ඇය ලෙස තරග කිරීමේ අවස්ථාව අහිමි වන්නේය.


මේ ආකාරයට හෝමෝන ප්‍රතිකාරවලින් පිරිමි බව පාලනය කරන ක්‍රීඩිකාවන් ගැන අප දන්නා අතර 2020 දී නවසීලන්තයේ ලෝරල් හොබර්ඩ් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කළේ පිරිමියෙකු ලෙස ඉපිද,ගැහැණියක වූ අයෙකු ලෙසය.සංක්‍රාන්ති සමාජය ලද ඓතිහාසික ජයක් ලෙස හැඳින්විය හැකි මේ මොහොත නවතාලීමට සම්ප්‍රදායික මිනිසුන් සංවිධානය වෙමින් බොහෝ උත්සාහ ගත්තත් ඒ වන විට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර තිබුණු ශාරිරික සහ මානසික හැඩකල නිර්ණය කරන හෝමෝන තත්ත්වයන් හී දී හොබර්ඩ් සිටියේ කාන්තාවකට සුදුසු හෝමෝන සීමාවේය.


එහෙත් පිරිමි බර ඔසවන්නෙකු ලෙස ඔහු දක්වා තිබූ දස්කම් සැළකිල්ලට ගත් මිනිසුන් තව දුරටත් හොබර්ඩ්ගෙන් කිලෝ ග්‍රෑම් 87 බර පංතියේ කාන්තාවන්ට සිඳු විය හැකි අවාසිය පෙන්නා දුන්නේය.එම ඉසව්වේ කාන්තාවන්ද ගෙන විරෝධය අවුලුවා පැතිරී යන්නට හැරියේය.එහෙත් කාන්තා සිරුරකින් සහ මනසකින් හොබර්ඩ්ට පිරිමි සිරුරෙන් කළ වැඩය කරන්නට නොහැකි විය.ඔහුට ඉසව්වේ ස්ථානයක් හිමි නොවිණි.
ඒ නිසා ක්‍රීඩාවේදී ගැටළුකාරී තත්ත්වයකදී ගැහැණු සහ පිරිමි යන බෙදීම සිඳු කරන්නට අවශ්‍යය විද්‍යාත්මක අගයක් ඇත.ඒ නිසා විද්‍යාත්මකව තීරණය කෙරෙන ශරීරයක් සම්බන්ධයෙන් එකඟතාවක් සහ මිණුම් දණ්ඩක් ඇත.රුවුල් ගස්වලටවත්,ඇඳුම් අභ්‍යන්තරයට කිමිඳ අත ගා බලා,තිබෙන ලිංගේන්ද්‍රියටවත් පිරිමි ගැහැණු කියා වෙනස් කර දැක්විය නොහැකිය.ඊස්ට්‍රජන් සහ ටෙස්ටොස්ටොරෝන් තීරණය කරන විද්‍යාත්මක ගැහැණිය සහ පිරිමියා ක්‍රීඩාවේ ගැහැණු පිරිමි අනන්‍යතාවය ලෙස ලෝකය පිළිගන්න තත්ත්වයකට ක්‍රීඩාවත් ලෝකයත් දියුණු විය හැකිය.


පුද්ගලයා උපතේදී හඳුන්වන ස්ත්‍රී පුරුෂභාවය මත මැරෙනතුරාම ජීවත් විය යුතු නැත.ඔහුගේ ශරීරය ඇතුළේ සහ මනෝභාවය ඇතුළේ ඔහු හෝ ඇය උපතින් ගෙනා ලිංගික අනන්‍යතාවයට වඩා වෙනස් අයෙකු ජීවත්වන්නේනම් එහි විද්‍යාත්මක ඇත්තට අනුව ජීවත්වීමේ අයිතිය මිනිසුන්ට ලැබී ඇත.එය ලෝක ක්‍රීඩාව,විශේෂයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ ඔලිම්පික් ක්‍රීඩාවලින්ද පිළිගෙන ඇත.ඒ අනන්‍යතාවයට ගරු කළ යුත්තේ එය දියුණු විද්‍යාත්මක පසුබිමක සිට ගන්නා පරීක්ෂණ,නිරීක්ෂණ මතින් වූ දීර්ඝ පැහැදිළි කර ගැනීමකින් පසුව එළඹ ඇති නිගමන වන බැවිනි.


එසේම ලෝකය මේ හෝමෝනමය තත්ත්වයන් තමන්ගේ සහකරුවා සහකාරිය තීරණය කරන්නට කරන බලපාන බව විද්‍යාත්මකව කියවාගෙන ඇත.ගැහැණියතට තමන් පිරිමියෙකු ලෙස දැනෙන ආකාරය මෙන්ම පිරිමියෙකුට තමන් ගැහැණියක ලෙස දැනෙන ආකාරය ද තමන්ගේ සහකරුවා හෝ සහකාරිය විෂම ලිංගික පදනමක් මතම පිහිටා තෝරා නොගැනීම සදාචාර සම්පන්න නැති ක්‍රියාවක් ලෙස හැඳින්වීම ද වෙනුවට නීතිය විද්‍යානුකූල වීමෙන් දියුණු සමාජය විසින් පිළිගෙන ඇත.ඒ නිසා සමලිංගික ප්‍රජාව අපරාධකරුවන් ලෙස සැළකීම වෙනුවට දියුණු ලෝකය ඔවුන්ගේ මනෝභාවයන්ට ලබා දී ඇති ඉඩ නිසා ක්‍රීඩා කේෂ්ත්‍රෙය්ද එවැනි සමලිංගික විවාහයන්,ප්‍රේමයන් බහුලව දැකිය හැකි අතර ඒ ඇතැමෙක් තමන්ගේ කැදලි තුළ දරුවන් ද විවිධාකාර විද්‍යාත්මක ක්‍රම මඟින් උපයා ගෙනද,ලබා ගෙනද සතුටින් ජීවත්වන අයුරුද දැකිය හැකිය.


ඒවා මනෝ විකාරයන්,රෝගී තත්ත්වයන් ලෙස හැඳින් වූ තැන් මේ වන විට විද්‍යාත්මක ඇත්ත විසින් වසා දමා ඇති අතර තවමත් එ වසා දැමූ පැවති බොරුව මත දිට විද්‍යාත්මකව ලෝකය කියවා ගන්න අපහසු අය සංක්‍රාන්තිකත්වය දෙසත්,සමලිංගිකත්වය දෙසත් විවේචනාත්මකව බැලීම සහ අදහස් දැක්වීම සිඳුවෙමින් ඇත.එහෙත් විද්‍යාව හාස්‍යයට ලක් කර මිත්‍යාව ඔසවා දැක්වීම සමාජයේ සිඳු නොවිය යුතු ආකාරයෙන්ම ක්‍රීඩාවේදී ද සිඳු නොවිය යුතු බව අපි විශ්වාස කරන්නෙමු.!

http://www.sportwaynews.com

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan