ඩිල්ෂාන්ට මනාප, විස්සයි විස්ස ලකුණු එකතුවටත් අඩුයිලු…

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 15,(LNW) කොළඹ :

කුසල් ජනිත් පෙරේරා මේ මෑතක නවසීලන්තයට එරෙහිව පසු කරන තෙක්ම ශ්‍රී ලංකාවේ විස්සයි විස්ස ලකුණු ලබා ගැනීම අතින් වැඩිම ලකුණු එකතුවක හිමිකාරීත්වය තිබුණේ ටී.එම්.ඩිල්ෂාන්ටයි.ඒ ලකුණු 1889 ක්.
ඩිල්ෂාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය මොහොතේ සිටම දේශපාලනයට ඒමට විශාල උත්සාහයක් දැරුව අතර,ගෝඨාභය රාජපක්ෂ යටතේ දරන ලද උථ්සාහය ව්‍යර්ථ වුණා.

ඉනික්බිති ඉතා ඉක්මණින් ගෝඨාභය රට කරවන හැටියට ගොඩ නැඟුණු ජනතා විරෝධය නැඟ එන පළමු මොහොතේදීම මෙන් ඩිල්ෂාන් ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය අතර එහිදී ඔහු,එතෙක් එහි පැවති ක්‍රිකට් ක්‍රීඩා සමාජයකද ප්‍රධාන වගකීම් දරමින් ක්‍රියා කරනු සමාජ මාධ්‍ය ජාලයේ දකින්නට ලැබුණා.ඔහුගේ දියණියද ක්‍රිකට් ක්‍රීඩාවෙන් දස්කම් දක්වන අයුරු මාධ්‍ය මගින් වා්තා කළ අතර නැවත වරක් දේශපාලන උනන්දුවෙන් ශ්‍රී ලංකාවට පැමිණි පසු දියණිය දේශීය ක්‍රිකට් පිටියේද දක්ෂතා දක්වමින් අවුරුදු 19 න් පහළ කණ්ඩායමට ද සුදුසුකම් ලබා ගත්තා.


මීට පෙර ගෙවුණු ජනාධිපතිවරණයේදී ගෝඨාභයගේ දේශපාලනය වෙනුවට සජිත් ප්‍රේමදාසගේ දේශපාලන පක්ෂය සමඟ සම්බන්ධ වූ ඩිල්ෂාන්,ඹහුගේ මැතිවරණ ව්‍යාපාරයේ නියැලෙනු දකින්නට ලැබුණා.එහෙත් මැතිවරණයෙන් දින කිහිපයතට පසු තමන්ට සුදුසුම පක්ෂය ලැබුණු බවට අදහස් පළ කරමින් රන්ජන් රාමනායක නායකත්වය දරනු ලබන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ ජාතික සංවිධායක ධූරයද දරමින් කළුතර දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයෙකු ලෙස මහා මැතිවරණයට ඉදිරිපත් වුණා.මේ වන විට සමාජ මාධ්‍ය ජාලයේ ඔහු ලැබූ මනාප ප්‍රමානය 1300 ක් බවත්, ඔහු විස්සයි විස්ස තරගවලදී ලංකාවේ ඉහළම ලකුණු ලැබූ විස්සයි විස්ස පිතිකරුවා බවට පත් වෙමින් රැස් කළ ලකුණු 1889 ට වඩා එම මනාප ප්‍රමානය අඩුවීම ගැනත් විවිධාකාරයේ පුවත් ප්‍රචාරනය වෙනවා.


ඩිල්ෂාන් නියෝජනය කළ කළුතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය ඡන්ද 7090 ක් ලබා ගන්නට සමත් වුණා.ඔවුන්ගේ නායකයා වූ රන්ජන් රාමනායක නියෝජනය කළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පක්ෂයට ඡන්ද 22 439 ක් හිමිව තිබුණා.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වු වඩිවේල් සුරේෂ් ද එම පක්ෂයෙන් බදුල්ලට තරග කළ අතර බදුලු දිස්ත්‍රික්කයෙන් එම පක්ෂය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව වූයේ ඡන්ද 9556 කි.ඔවුන්ගේ පක්ෂය ලංකාවෙන්ම ඡන්ද 83,488 ක් ලබා ගැනීමට සමත් වූ නමුත් එක් බෝනස් ආසනයක් හෝ දිනා ගන්නට එම ඡන්ද ප්‍රමානය පොහොසත් වූයේ නැහැ.


ඩිල්ෂාන් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය පවා දුන් එක් විස්සයි විස්ස ලෝක කුසලානයක වටිනාම ක්‍රීඩකයා බවට පත් වූ ක්‍රීඩකයෙක් වන අතර ඔහු විසික් නිර්මාණශීලීව එල්ල කරන ලද ස්විප් පහර මේ වන විට ලෝකයම හඳුන්වන්නේ ඩිල්ස්කූප් ලෙසයි.එහෙත් ඔහු හෝ ඔහු තෝරාගත දේශපාලන පක්ෂය, එවැනි විශේෂ කිසිවක් දේශපාලන පිටියේදී පෙන්වන්නට හැකි අයෙකු ලෙස ජනතාව විසින් පිළිගෙන නැති බව පැහැදිළියි.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...