වතු ජනතාවට රු. 400ක වැටුප් වැඩි කිරීම මෙන්ම වගා නොකළ මුඩු ඉඩම් ඔවුන්ට පවරාදී කුඩා තේ වතු හිමියන් කරන්න – සජිත්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රජය යෝජනා කර ඇති ආකාරයට වතු ප්‍රජාවගේ වත්මන් වැටුප වන රු. 1350ට රු. 400ක් එනම් රු. 200ක් වතු සමාගම්වලින් සහ රු. 200 රජයෙන් ලබා දීමට තීරණය කර ඇති බවත් ඛේදනීය ජීවිතයක් ගෙන යන වතු ප්‍රජාවට මෙසේ රු. 400ක වැටුප් වැඩි කිරිම ගැන සතුටු වන නමුත් එම ප්‍රමාණය තවත් වැඩි විය යුතු බවත් සමගි ජන බලවේගය විශ්වාස කරන ආකාරයට මීට වඩා වැඩි ප්‍රතිපාදනයක් වෙන් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වතු ප්‍රජාව වෙනුවෙන් වැටුප් වැඩි කිරීම විය යුතු ආකාරය ගැන විවිධ මතිමතාන්තර ඇති බවත් මේ නිසා වතු ප්‍රජාවට මුදල් ලැබේ නම් එය හොඳ හා සාධනීය දෙයක් බවත් රජයකට මේ ආකාරයෙන් මුදල් වෙන් කළ හැකි බවත් කොරෝනා කෝවිඩ් සමයේ එක්සත් රාජධානි රජය කඩාවැටුණු ගරා වැටුණු ව්‍යාපාරවල සේවය කරන අයගේ වැටුප් වැඩි කිරීමට මුදල් වෙන් කළ බවත් මේ ආකාරයෙන් මුදල් වෙන් කිරීමේ ගැටලුවක් නොමැති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එසේවෙතත් වතු ප්‍රජාව ශක්තිමත් කළ යුත්තේ මුදල් ප්‍රතිපාදනවලින් පමණක් නොවන බව පැවසූ සජිත් ප්‍රේමදාස මහතා ඔවුන්ට වතු ක්ෂේත්‍රයේ ඇති මුඩු ඉඩම් වගා කිරීමේ අයිතිය ලබා දී කුඩා තේ වතු හිමියන් ලෙස නිර්මාණය කරන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් පැවසීය.

වතු ප්‍රජාව වෙනුවෙන් අයවැයෙන් වෙන් වූ මුදල සම්බන්ධයෙන් දුර්මතයක් නිර්මාණය වී ඇති මොහොතක ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කිරිමට ඊයේ (14) පාර්ලිමේන්තුවේ දී උත්සාහ ගත් අවස්ථාවේදී රජයේ පාර්ශ්වයෙන් එයට ඉඩ නොලැබුණු නිසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම යෝජනාව සිදු කරන ලදී.

අද වන විට වතු ක්ෂේත්‍රයේ 60-70%ක ඉඩම් අයිතිය ඇත්තේ රාජ්‍ය හා පෞද්ගලික සමාගම් සතුව වුවත් ඔවුන් රාජ්‍ය තේ නිෂ්පාදනයට 30%ක් වැනි අඩු දායකත්වයක් ලබා දෙන බවත් 30%ක් වැනි ඉඩම් හිමිකාරීත්වය ඇති කුඩා තේ වතු හිමියන් රටේ තේ නිෂ්පාදනයට 60-70%ක දායකත්වය ලබා දෙන බවත් වගා නොකළ මුඩු ඉඩම් රාජ්‍ය හා සමාගම්වල ඇති නිසා මේවා රැකියා විරහිත තරුණයන්ට සහ වතු ප්‍රජාවට ලබා දීම තුළ ඔවුන්ට ඉඩම් අයිතියක් ලැබීම, තේ නිෂ්පාදනය වැඩි වී රටේ ආර්ථීකයට එය විශාල බලපෑමක් සිදු කිරීමක් වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එබැවින් රු. 1350ක තවත් රු. 400කින් වැඩි කිරිම ගැන විරුද්ධ නොවන බවත් වඩාත් කැමති වන්නේ එම රු. 400 වතු සමාගම් විසින් ක්‍රියාත්මක කිරීම බවත් ඊට අමතරව වගා නොකළ මුඩු ඉඩම් මේ අයට ලබා දී වගා කටයුතු සිදු කිරිමට අවස්ථාව ලබා දෙන ලෙසත් ඒ තුළින් තමන්ගේම කියා නිවසක් ගොඩනගා ගත හැකි බවත් මෙය සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ ස්ථාවරය බවත් ජනාධිපතිවරණ හා මැතිවරණ 2ක මේ ප්‍රතිපත්තිය ඉදිරිපත් කළ බවත් මෙය වලංගු ප්‍රතිපත්තිය බැවින් අනික් අය කියන කතා නොඅසා මේ ගැන අවධානය යොමු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය තවදුරටත් – වැසි තත්වයේ වර්ධනයක්

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට නැගෙනහිර දෙසින් වන පහළ වායුගෝලයේ...

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...