පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය තවදුරටත් – වැසි තත්වයේ වර්ධනයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දිවයිනට නැගෙනහිර දෙසින් වන පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය තවදුරටත් පවතින බවත් එහි බලපෑමෙන්, උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඌව පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ මධ්‍යම පළාත්වල අහස වලාකුළින් බරව පවතිනු ඇත.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 වසරේදී රට ආර්ථික වශයෙන් ජයග්‍රහණය කරවීමට කැපවෙමු – ජනපති රේගු නිරීක්ෂණයේදී කියයි

කොළඹ LNW:ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙරට රේගු ඉතිහාසයේ ඉහළම...

‘බියොන්සේ’ ලොව පස්වන බිලියනපති සංගීතඥයා බවට ෆෝබ්ස් වාර්තා කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඇමරිකානු ගායිකාවක්,...

පුටින්ගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට එල්ල වන චෝදනා යුක්රේනය ප්‍රතික්ෂේප කරයි.

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: රුසියානු ජනාධිපති...

සජිත් සහ එජාප කිහිප දෙනෙක් අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විපක්ෂ නායක සමඟි ජන බලවේගයේ නායක සජිත්...