කුසට සාගිනි හදට සෝගිනි ඉවරයි – ටිල්වින්ගෙන් අලුත් කවියක්

Date:

ජනතා විමුක්ති පෙරමුණේ 36 වැනි ඉල් මහ විරු සමරුව නොවැම්බර් 13 වනදා කොළඹ විහාර මහා දේවී එළිමහන් රංග පීඨයේදී මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

ජවිපෙ 88 – 89 කැරැල්ලේදී ඝාතනයට ලක්වූ එම පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඇතුළු පක්ෂ සාමාජිකයින් සැමරීම සඳහා වාර්ෂිකව පැවැත්වෙන මෙම ඉල් මහ විරු සමරුවේ අවසන් දේශනය පවත්වනු ලබන්නේ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසිනි.

සාමාන්‍යයෙන් ඒ මහතා සිය සමරු දේශනය අවසන් කරන්නේ

“කුසට සාගිනි හදට සෝගිනි ඉනට වැරහැලි කැබලි එල්ලා
සතුට සාමය අහිමි කරලූ අඳුර දිනු කාලය ගිහිල්ලා
නොසිට මැරි මැරි සතුරු පා යට වකුටු වී අතපය හකුල්ලා
නැගිටපල්ලා නැගිටපල්ලා නුඔලගේ කාලය ඇවිල්ලා”

යන කවියෙනි.

නමුත් මෙවර එහි වෙනසක් සිදුව තිබුණු අතර ටිල්වින් සිල්වා මහතා මෙවර සිය සමරු දේශනය අවසන් කළේ පහත සඳහන් කවියෙනි.

“විරුවන් ගතින් වැගිරුණු ලේ පැහැය උරා
රතු මල් පිපේවා මිහිකත දෙරණ පුරා
ලෙල දෙන රතු ධජය දැඩි කොට සුරත දරා
පියවර නගමු නිවහල් නව ලොවක් කරා”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති ජොනී හැංගිලා. අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 5ක් යොදවයි

සටහන - රුවන් නෙළුගොල්ල සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින්...

වෙඩි තැබීමක්: 16 දරුවෙකු තුවාල ලබයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින්...

2026 වසරේදී රට ආර්ථික වශයෙන් ජයග්‍රහණය කරවීමට කැපවෙමු – ජනපති රේගු නිරීක්ෂණයේදී කියයි

කොළඹ LNW:ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙරට රේගු ඉතිහාසයේ ඉහළම...