ඇමරිකා එක්සත් ජනපදය හා චීනය අතර ද්වී පාර්ශවීය සබඳතා ඇරඹේ ; එයාලා යාළුවෝ මල්ලී…

Date:

ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන 20 කණ්ඩායමේ (G20) සමුළුවට සමගාමීව ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් හා චීන ජනාධිපති ෂී ජිනිපින් අතර හමුවක් ඊයේ(14)දිනයේදී සිදුවිය. මෙය බයිඩන් ජනාධිපති වීමෙන් අනතුරුව දෙදෙනා හමුවූ මුල්ම අවස්ථාවයි.


දේශගුණික විපර්යාස, ණය සහන, සෞඛ්‍ය සුරක්ෂිතතාව, ආහාර සුරක්ෂිතතාවය සහ ගෝලීය සාර්ව ආර්ථික ස්ථාවරත්වය වැනි අන්තර්ජාතික අභියෝගවලට මුහුණ දීම සඳහා එක්සත් ජනපදය සහ චීනය එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපති බයිඩෙන් මෙහිදී අවධාරණය කළ බව ධවල මන්දිරය උපුටා දක්වන අතර, නිල චීන ප්‍රවෘත්ති ඒජන්සිය වන Xinhua වාර්තා කර තිබුණේ ලෝක සාමය ගෝලීය ස්ථාවරත්වය, පොදු සංවර්ධනය වෙනුවෙන් දෙපාර්ශවය අනෙකුත් රටවල් සමඟ කටයුතු කළ යුතු බවයි.


තායිවානය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ අතර බයිඩන් මෙහිදී සඳහන් කරනු ලැබුවේ තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම වැදගත් වනු ඇති බවයි. තායිවානය නිල වශයෙන් චීනයේ කොටසක් බව පිළිගන්නා අතර එක්සත් ජනපදය දිවයිනට ශක්තිමත් වෙළඳ සහ ආරක්ෂක සබඳතා ඇති අතර එය ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස ක්‍රියාත්මක වන බව මෙහිදී සඳහන් කර තිබිණ. බිඩෙන් තායිවානයයේ තත්වය සම්බන්ධයෙන් වාර්තාකරුවන්ට පැවසුවේ තායිවානයට චීන ආක්‍රමණයක ක්ෂනික තර්ජනයක් ඇතැයි වොෂින්ටනය විශ්වාස නොකරන බවයි. කෙසේ නමුත් දෙපාර්ශවය අතර වඩාත් සාර්ථක සාකච්ඡාවක් අවසන් විය.

සශිකලා මධුෂාණී_OBT

සබැඳි පුවත් :

<div class=”wp-block-embed__wrapper”> https://outboundtoday.com/%e0%b6%b8%e0%b7%84-%e0%b6%b6%e0%b6%bd%e0%b7%80%e0%b6%ad%e0%b6%b1-%e0%b6%b6%e0%b6%bd%e0%b7%84-%e0%b6%af-%e0%b7%84%e0%b6%b8biden-to-meet-xi-jinping/ </div></figure> <!– /wp:embed –>

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...