විදෙස් ගමන් බලපත් ගාස්තු සහ වීසා ගාස්තු වැඩි කෙරේ

Date:

2023 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ආයතන මගින් අයකෙරෙන විවිධ ගාස්තු 20% කින් ඉහළ නැංවීමට යෝජනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් පනවන විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු, වීසා ගාස්තු සහ අනෙකුත් ගාස්තුත් ඉහළ නැංවීමටයි ඒ මහතා යෝජනා කර ඇත්තේ.

කෙසේවෙතත් 2020, 2021 සහ 2022 යන වසරවලදී දැනටමත් ඉහළ නංවා ඇති විවිධ ගාස්තු මෙම යෝජනාව මගින් සංශෝධනය නොකෙරෙන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ 2023 අයවැය ඊයේ (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි !

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ...

කඳුකරයට ඇද හැලෙන වැසි සමඟ ජලාශ වාන් දැමීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර යළි වර්ෂාව ඇද හැලීමත් සමඟ...

බාල ඖෂධ : ප්‍රශ්නගත එන්නත ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

ප්‍රශ්නගත ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත ඇතුළු මාන් ෆාමසියුටිකල් ආයතනය විසින් මෙරටට...