*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

ගොම නෙමෙයි රොඩ්ඩක්

මේ මොහොත තීරණාත්මකයි.රටේ මිනිස්සු රැකගන්න අමාරුයි.ඒ නිසා මිනිස්සු රට හැර යන්න වැඩි කැමත්තක් දක්වනවා.මේක රටට ඩොලර් එන වැඩ සටහනක් වෙන්න පුළුවන්.ඒකෙන් සමහරවිට රටේ ආර්ථිකය ආයෙමත් හොඳ අතට හැරෙන්න බලපෑමක් වෙන්නත් පුළුවන්.ඇත්ත ඒක වුණත් රටේ මිනිස්සු ඒ රට අසීමිත විදිහට හැරයන්න කරදර කරනවා කියන එක ඒ රටේ දේශපාලන ප්‍රතිරූපයට හානිකරයි.ඒ රට ජීවත්වෙන්න හොඳ නැහැ කියලා දැනෙන එක පාලකයාගේ දුර්වලකමක්.ඒ නිසා රට හැර යාම අඩු කරන්නට කරන්න තියෙන්නෙ යන පිරිසට යන්න බැරි වෙන විදිහෙ තීරණ ගැනීමයි.එහි ප්‍රතිපලයක් විදිහට තමයි මේ අයවැයෙනුත් රටේ ආදායම හොයන්න රට යන මිනිහගෙ විදේශ ගමන් බලපත්‍ර ගාස්තු වැඩි කරන්න තීරණය කරලා තියෙන්නෙ.මොන තරම් දේ කිව්වත් ඇත්ත ඒකයි.
මේ රටේ ඉන්න එපා වුණ මිනිස්සු සහ ඉන්න සුදුසුයි කියලා නොදැනෙන මිනිස්සු එක පිට එකා රට හැර යනවා කියන එක නිබොරුයි.ඒකම තමයි මෑත කාලයේ ආයෙ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කණ්ඩායම්වලින් පැනයාම් වාර්තාවීමටත් හේතුව.රටට සාපේක්ෂව ඒක ඇත්තක් වුණත් එහි විනය විරෝධි ක්‍රියාවක් තිබෙනවා.ඒත් අප පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිටම එම සිදුවීම් වාර්තා කිරිමේදී පැවසූ පරිදි මේ තත්ත්වය ක්‍රීඩාවේ විනය පිරිහීම නිසාම වන තත්ත්වයක් නොවේ.රටේ සමසත විනය සමබන්ධයෙන් වූ කඩාවැටීම තුළ සිඳුවන අපේක්ෂා භංගත්වය.
මෑත කාලයේ දිලානි පල්ලිකොන්දගේ දක්වා වන පැන යාම් නැතිනම් අතුරුදහන්වීම් සම්බන්ධයෙන් විමසා බැලීමේදී දිලානිගේ අතුරුදහන්වීම ඇය මේ දක්වා කරන ලද ක්‍රීඩාවට ඇති ආදරය සමබන්ධයෙන් ගැටළුවක්.පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 100% වගේ අතුරුදහන්විම් සිඳු වුණේ තමන් පැමිණි ඉසව්ව නිම කළ පසුවයි.ඉන් අනතුරුව සිඳු වූ මල්ලව පොර ඉසව්වේ එක් ක්‍රීඩකයෙක් පැන යන්නේ ඔහු ලෝකඩ පදක්කම සඳහා වන තරගයට සුදුසුකම් ලබා සිටියදී යි.එතැන තමන් සහභාගි වූ ක්‍රීඩාව සම්බන්ධයෙන් ඔහු තුළ ඇති ආදරය සහ භක්තිය පිළිබඳව ප්‍රශ්නයක් එනවා.දිලානි ගේ අතුරුදහන් වීම සිඳුවන්නේ ද තරගාවලිය අවසානයේ.නමුත් ඇය සහභාගි වූ ක්‍රීඩාව විසින් ඊට ආදරය නොකරන මිනිස්සුන්ගේ බලපෑම මත එල්ලවන දැවන්ත හරස්කැපීම් මැද එය රැක ගැනීමට ගන්නා උත්සාහයට ඉදිරිව යෑමක් බව කිව යුතුයි.
ඒ නිසාම මේ අතුරුදහන්වීම දේශප්‍රේමය සම්බන්ධයෙන් ඇතිවන හැඟීමකින් නොවුණාට ක්‍රීඩාව හප කිරිම සඳහා මඟ බලා සිටින පිරිසගේ හකු මැද්දට වැටෙන ව්‍යාපෘතියක් වනු නො’අනුමානයි.ලංකාවේම ඇතැම් චරිත සමඟ ආසියානු සම්මේලනයේ පිරිස් පනවන ලද තහංචිය මැද රග් නවතින්නට ඉඩ නොඳුන් පරිපාලනය සමඟ ජාතික ඔලිම්පික් කමිටුව සහ ක්‍රීඩා අමාත්‍යවරයා එක්ව නැඟී සිටීම නිසා මේ තරගාවලියේ සහභාගීත්වය සිඳු වුණේ ජාතික ඔලිම්පික් කමිටුව යටතේ යි.
ඊට පෙර හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා නීතිමය වශයෙන් පැන වූ බාධක නිසා එම තත්ත්වය පැන නැඟණු බව අප අවබෝධ කරගත යුතුයි.එක් තැනෙක රගර්මය අභිලාෂයන් මුඳුන් පමුණුවා ගැනීමට ගත් තීරණ නිසා,හිටපු යම් යම් අනුග්‍රහයන් පය පසුපසට ගනිද්දීත්,අමාත්‍යංශය රගර් ක්‍රීඩා කරපු ඇමතිවරයෙක් යටතේම ක්‍රියාවට නැඟෙද්දි ශත පහක අනුග්‍රහයක් නොලැබෙද්දීත් රගර් පරිපාලනයට අනුග්‍රහයන් සොයා ගැනීමට හැකි විශ්වාසයක් තිබීම අතිශයින් වැදගත්.අලුත් අනුග්‍රහයන්,විදේශිය සබඳතා සමඟ අලුත්ම ක්‍රියාමාර්ත වගේම නැවතී අඩපනව තිබුණු ඇතැම් තරගාවලි ද පවත්වාගෙන යමින්,ඊට පෙර රජයෙන් පවා ලැබුණු අතදීම් සමඟ පාඩුවට යවා තිබුණු රගර් පරිපාලනයේ ණය පියවමින් ද රගර් මේ අවුරුදු කිහිපය තුළ ඉදිරියට තල්ලු වි තිබෙනවා.
එසේම ශ්‍රී ලංකාව කෙනහිළි මැද සහභාගි වූ මේ තරගාවලියේ දි පිරිමි කණ්ඩායම සූරතා කුසලානය සඳහා වූ සටනේ සිව්වන තැනට පත්වෙනවා.කාන්තා කණ්ඩායම පළිහ සටනේ අවසාන තරගයට පැමිණ පරාජයට පත්වෙනවා.ඒ අනුව වසර ගණනක ජාත්‍යන්තර තරඟ නියඟය,ඊට අනුග්‍රාහක අවස්ථාවන් හිඟවීම වැනි කාරණා මැද්දේ අලුත් පුහුණු පාරවල් දිගේ ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සහ සත් සාමාජික ආසියානු තරගාවලිය දක්වා තල්ලු කරන්නටත් සමත් වී තිබෙනවා.
ඒ නිසා මේ ආසන්න වසර කිහිපයේ ශ්‍රී ලංකාවේ රගර් ක්‍රියාවලිය සළකා බලද්දී දිලානිගේ සිඳුවීම කිරි බඳුනකට ගොම වැටීමක් සේ නොදකින අතර එය කිරි බඳුනට වැටුණු රොඩ්ඩකි.එය ඉවත් කර නැවත බොන්නට හැකි එකකි.එසේම ක්‍රීඩාව සම්බන්ධයෙන් රට තුළ සිටම සිඳුවන කෙනහිළිකම් නිසා ක්‍රීඩකයන් තුළ ඇතිවන අවිශ්වාසය ගැන ද මෙහිදි සිතිය යුතුය.ක්‍රීඩා අමාත්‍යංශයෙන් පැනවූ වාරණය ඉවත් කර රගර් සඳහා ක්‍රියාත්මක වන්නට දී ඇති අවසරය මත නැවත නිලවරණය ද පවත්වා එය ක්‍රියාත්මක වෙමින් තිබියදී අමාත්‍යවරයා විසින්ම පත් කළ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයන් ඊට එරෙහිව සදාචාර විරෝධිව කටයුතු කරමින් ඇත.ක්‍රීඩා අමාත්‍යංශය පැවති පරිපාලනය අත් හිටුවීමට එරෙහිව අධිකරණය ගත් ක්‍රියා කළ ආකාරය හරහා, අලුත් පරිපාලනයක් ඇති කරන්නට දුන් අවසරය මත එය ජාත්‍යන්තර රගර් නිති රිතිවලට අනුකූලව සිඳු වි තිබියදීත්,තවමත් පරණ පරිපාලනයට එරෙහිව ගත් ක්‍රියාමාර්ග අධිකරණයට දන්වා ඉවත් කරන්නට ක්‍රීඩා අමාත්‍යවරයාට අවශ්‍ය පියවර ගැනීමට නොහැකි වන සේ එල්ලි සිටින පිල්ලි අපි දකිමු.
මේ තත්ත්වය මුහුණ දිමේ දී ඒ තත්ත්වයද අවධානයට ලක් කිරීම වැදගත්ය.ක්‍රීඩාව සම්බන්ධයෙන් තීරණ ගන්න ආයතන සම්පූර්ණයෙන් රගර් සඳහා වන බලය දෙපසට වනමින් තිබෙන තත්ත්වයක අවුරුදු ගණනක් රටට ක්‍රීඩා කර නායකත්වයට ද පැමිණි අයෙක් ඒ අස්ථාවරභාවය හමුවේ ගත් ක්‍රියා මාර්ගයක් හැටියට ද මෙය හඳුන්වන්නට හැකිය.ක්‍රීඩා අමාත්‍යවරයා මේ ගැටළුවේ එතැන ද ස්පර්ශ කර අතේ එල්ලි සිටින හුරතලුන් ගසා දමා රගර් සඳහා නිදහසේ පවතින්නට අවශ්‍යය වටපිටාව සකස් කර යුතුය.දිලානිගේ තත්ත්වය ද පදනම් කරගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දි ආසියානු තහනමට මුල් වූ පිරිස් ශ්‍රී ලංකා රගර් සඳහා දැඩි පිඩනයක් ඇති කරන්නට ඉඩ ඇත.ඒ සඳහා නිල පිපාශාවෙන් නමුත් ඒ සඳහා රගර් පරිසරය විසින් ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් තුළ පසුබාන්නට වි සිටින,එහෙත් ආසියාවට හේත්තු වි සිටින ලාංකිකයන් ද පෙරමුණ ගනු ඇත.
රගර් පරිපාලනය පෙරට යන්නේ,රගර් තරගයක නීත්‍යාණුකූල නොවන දැඩි බාධා කිරීම් මැඳ ය.ඒ ආකාරයට ඇඟේ එල්ලි බාධා කරන පොකුරක්ම ඇඳ ගෙන ශක්තියෙන් ඔවුන් උත්සාහක දිණුම් සීමාව වෙත යන්නට උත්සාහ කරනු දැක දැකත්,ක්‍රීඩා අමාත්‍යංශය සහ අමාත්‍යවරයා තරග විනිසුරු සේ මේ ක්‍රියාව නොඳුටු සේ සිටීම පුදුමය.අවතාර පිල්ලි සමඟ භාරදුන් ක්‍රීඩා අමාත්‍ය පදවිය ඉන් නිදහස් කර ගැනීමේ පළමු විසිල් නාද ය රගර්වලට පෙරට යාමට කරන බාධා කිරිමට එරෙහිව ගසන්නට ක්‍රිඩා අමාත්‍යවරයාට හැකිනම්,එය අලුත් විමේ සහ නිදහස්විමේ ආරම්භය කර ගන්නට හැකිය.එහෙත් විසිල් එකටද අත තබා සිටන්නන් අමාත්‍ය කාර්ය මණ්ඩලයේ,අමාත්‍යවරයා විසින් ක්‍රීඩාව නඟා සිටුවිමට පත් කළ ඇතැම් සංවිධාන තුළ ද සිටින බව අපි දනිමු.සමහර විට රජයේ තනතුරුවලද එවැනි පිල්ලි තබා ගොස් තිබෙන්නට පුළුවන්ය.ඒවා රගර්වල පයෙන් පමණක් නොව තමන්ගේ පයෙන්ද අඳින්නන් බව අමාත්‍යවරයාට තේරුම් ගැනිමේ ශක්තිය ඇත්නම් රොඩ්ඩක් වැටුණු කිරි බඳුණට, ගොම වැටි ඇති බව පෙන්නන්නට හඳන පිරිසට පෙනෙන්නට රොඩ්ඩ ඉවත් කර කිරි බඳුන පානය කළ හැකිය.
අප අවසාන වශයෙන් දිලානි පල්ලිකොන්දගේ ගේ අතුරුදහන්වීම ගැන කියන කතාව යළිත් සාරංශ කර කියන්නෙමු.ඇයගේ ක්‍රියා කළාපය විනය විරෝධිය.එහෙත් මේ පිළිඹිඹුව රගර් සම්බන්ධයෙන්, රට සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති නොවන ආකාරයේ වන විශාල ඛේදවාචකයට සාපෙක්ෂය.මේ රගර් අවිශ්වාසය ඉතාම පහසුවෙන් වෙනස් කරන්නට ඇති අත්සන ක්‍රීඩා අමාත්‍යවරයා අත ඇත.එහෙත් ඔහු වටකොට සිටින පිල්ලි ක්‍රීඩා අමාත්‍යවරයාට ක්‍රියාත්මක වන්නට නොහැකි සේ දෑතම බදාගෙන ඇත.රගර්වල මුළු සර්වාංගයේම මේ පිල්ලි එල්ලි සිටියත් ඔවුන් ඉදිරියට ඇඳෙන අයුරුම නිදසුනකට ගන්නේ නම් ක්‍රීඩා අමාත්‍යවරයාට එළැඹෙන ආසියානු ක්‍රීඩා උළෙලේ තමන්ට සතුටු විය හැකි සහ සිය දූර කාලය තුළ ඓතිහාසික් ජයක ලබා දෙන්නට හැකි මට්ටමක පිරිමි රගර් කණ්ඩායම සිටින බව කොරියානු බිමේ දී කළ පැහැදිළි කිරීම අවධානයට ගත හැකිය.
ලංකාවේ ක්‍රීඩාවේ අනුග්‍රාහක රසික සමාජ ජාලා පිටු ඇති පිරිස් ක්‍රිකට් ක්‍රීඩාවේ තරුණම තරුණ ක්‍රීඩකයින්ට පවා ඇත.දිලානිලා නායකත්වයට පැමිණෙන තෙක්ම කරන ලද හම්බ කිරීම,ඉතිරි කිරීම සීමා වන්නේ ඒ පිටුවක රසිකයෙක් වීමට පමණය.එවැනි පසුබිමක දේශපාලන බාධා කිරීම්වලට නවතන්නට බැරි වූ අනුග්‍රාහක විශ්වාස සමඟ ශ්‍රී ලංකා රගර් යන ඉදිරි ගමණට අපි සුබ පතමු.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan