මඟ පෙන්වන්නන්ට මඟ පෙන්වන්න බ්‍රිතාන්‍යය ඉදිරිපත් වෙයි

Date:

පාසල් දරුවන්ගේ ක්‍රීඩා හැකියාවන් දියුණු කිරීම සඳහා ශාරීරික අභ්‍යාස ගුරුවරුන් නිවැරදිව පුහුණු කළ යුතු බවත් ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබාදෙන බවත් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සරා හල්ටන් (Mrs.Sarah Hulton ) පැවසීය. ඇය මෙලෙස පැවසූයේ කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් නිල නිවසේ දී ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ හමු වූ අවස්ථාවේ දීය.
ක්‍රිකට් හැර අනෙකුත් ක්‍රීඩාවන්ට අවශ්‍ය දැනුම, පුහුණුව, තාක්ෂණය, අවබෝධය, ලබාදීමට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් තුමිය එහි දී කැමැත්ත පලකරන ලදී. දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ගලවා ගැනීම සඳහා ව්‍යපෘතියක් ආරම්භ කිරීමට ද එකඟත්වය පලවිය.
එමෙන්ම විදේශයන්හි ක්‍රීඩා පුහුණුව ලබන තරුණ තරුණියන්ට අවශ්‍ය සහයෝගය ලබා දීමටත්, උසස් අධ්‍යාපනයෙන් පසු විදේශ රැකියා සඳහා ‍යොමු වීමට අවශ්‍ය පුහුණුව ලබාදීමටත් කටයුතු කරන බවද මහකොමසාරිස් තුමිය පැවසීය.
මෙම කරුණු සම්බන්ධයෙන් ඉදිරියේදි තව දුරටත් සාකච්ඡා ිරීමට නියමිත අතර මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ, අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග, එහි ලේකම් සුජානි බෝගොල්ලාගම සහ අමාත්‍ය උපදේශක සුදත් චන්ද්‍රසේකර යන අය සහභාගී වූහ.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අතුරු අයවැයෙන් වෙන්නේ කුමක්ද ?

මේ වන විට ඉදිරි 2026 වර්ෂය සඳහා රුපියල් බිලියන...

අල්මාරියේ තිබුන මගේ බැංකු පොත කෝ …?

තාත්තාට දෙවුදත්ව වැහිලා බුදුන්ගෙන් පළිගන්න හවසටචීත්තේට මන් තුරුල් කරගෙන...

වම්මුන්ගේ පැලැස්තර : “වාම රාජ්‍ය” ෆැන්ටසියක්ද, යථාර්ථයක්ද ?

ඕනෑම මිනිස් සමාජයක් තුල ස්වභාවිකවම පිළිසිඳගන්න අනිවාර්ය මනෝව්‍යාධීන් කිහිපයක්...